Language Switcher

V2025

ඇඳිරි නීතියට වඩා ලොක්ඩවුන් වැදගත් ඇයි - මහාචාර්ය ජිනසේන ඩබ්ලිව් හේවගේ

මේ වන විට කොවිඩ් 19 නොහොත් නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමට රජය විසින් ඇඳිරි නීතිය පනවා ඇති අතර නමුත් ඊට වඩා වැදගත් වන්නේ ලොක්ඩවුන් ක්‍රමය බව  රුහුණු විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජිනසේන ඩබ්ලිව් හේවගේ ගේ අදහස වී තිබේ.

ඔහු මේ සම්බන්ධව සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබා ඇති අතර මේ යෝජනාව මේ වන විට සමාජය තුළ වැඩි කතා බහක් මතුකර තිබෙන බැවින් අප එය  සංවාදය පෝෂණය කිරීම වෙනුවෙන් පළකිරීමට අදහස් කළෙමු.

කිසිදු සංස්කරණයක් නොමැති එම සටහන පහත දැක්වෙයි.

ඇදිරිනීතිය (Curfew) සහ ලොක් ඩෞන් (Lockdown) වෙනස, ගොඩ දෙනෙක් දන්නේ නැති නිසා සරලව කියන්නම්.

ඇඳිරි නීතිය යනු පවතින නීතියකට අනුව ජනතාව ඉන්න තැනක තැබීම සඳහා රජය ව්සින් පනවන නීතියකි. එමකාලය තුළ එළියට යා නොහැක. නමුත් ඇඳිරිනීතිය ඉවත් වූ පසු නැවැතත් පුරුදු පරිදිම ජනතාවගේ සන්සරණය සිදු විය හැක. මෙම කාලය තුල සියලුම දේ අක්‍රීයවේ, ග්‍රොසරි ස්ටොර්ස්, ෆාමසිස්, යන ආදිය. යම් කාලයකට පසු අනිවාර්යයෙන්ම ඇඳීරිනීතිය ඉවත් කලයුතුය. කිව් පරිදී ඇඳිරිනීතිය ඉවත් වූ පසු මිනිසුන් විශාලවශයෙන් ගැටීමට ලක්වේ. 

මෙය යුද්ධයකදී ප්‍රශ්නයක් නැත, නමුත් වෛරස් වාහකයා මිනිසා වන විට. කොහොමටවත් නොගැලපේ.ලොක්ඩෞන් (Lockdown) එකකදී, ජනතාව අනිවාර්යයෙන්ම නිවාස තුලම සිටිය යුතුය, මොනයම්ම හේතුවක් නිසාවත් එලියට යා නොහැක, සමහරවිට විශේෂ අවසරපත් ලබා ගත හැක. මෙහිදී ග්‍රොසරි ස්ටොර්ස්, ෆාමසි වැනි දා විවුර්ත තබයි. මෙය දිගටම පවතින ක්‍රියාවලියකි. මෙහිදී ජනතාව එක් රැස්වීම් හෝ එකිනෙකට මුණ ගැසීමක් සිදුනොවේ. ග්‍රොසරි ස්ටොර්ස්, ෆාමසි පවතින බැවින්, අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ කලබලයක් නත. ගමනා ගමනය නැත. බස් නැත, ට්‍රේන් නැත.
ගමනා ගමනය නැති බැවින් ලඟම ග්‍රොසරියට යයි. ග්‍රොසරි යාම සීමා කරයි, අත්‍යාවශ්‍ය භාණ්ඩ පමණි. වැඩිදුරටත් නීතිය තද කරනවනම්. ගෙදරට බඩු ගෙනත් දෙයි. මුණ ගැසෙන්නේ අවට ලඟම මිනිසුන් නිසා, රෝගය ප්‍රදේශයෙන් ප්‍රදේශයට ව්‍යාප්ත්වීමක් නැත.මෙවැනි අවශ්ථාවකදී ගැලපෙන්නේ මෙය මිස ඇඳිරිනීතිය නොවෙයි.

download 2රුහුණු විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය

  • ජිනසේන ඩබ්ලිව් හේවගේ