අයවැය මෙහෙමයි:
රජය හිඟන්නගෙ පාත්තරේ දක්වා හැම යටිබඩකින්ම පුළුවන් තරම් බදු සූරා කනවා.
කිසිවක් අඩු කර නැහැ. අඩු කරන්නෑ යකෝ, පුළුවන් දෙයක් කරපල්ලා කියල ජනතාවට මැසේජ් එකක් දෙන අයවැයක්.
ඒ විතරක් නෙමෙයි, බලන් හිටපියව්, එදා විරුද්ධ වුණාට මෙදා ඉන්දියාවත් එක්ක සෙට් වෙලා ඩිජිටල්කරණය කරලා තොපේ ආදායම් ඔක්කොම අපේ රේඩාර් එකට දාගත්තට පස්සෙ බලපල්ලකො කියල තමයි සිග්නල් එක දුන්නෙ.
ඒ වගේම තමයි, බදු සල්ලි බදු ගෙවන එවුන් වෙනුවෙන් වියදං කරන්නෙත් නැහැ. තොපි ණය අරන් මෙච්චර කල් ආතල් ගත්තා මදිද, දැන් ඉතින් නොකා නොබී හරි ණය ගෙවපියව් කියන සිග්නල් එක තමයි දෙන්නෙ.
තොපි අපව බලයට පත් කරගත්තනෙ, අපි ණය ගෙවනවා, බලන් හිටපියව්. සමාජවාදී කතා අදාළ නැහැ. බලය තමයි වැදගත්. අපි යන්නේ කොයි පාරේ - යන්න තියෙන එක පාරේ - රනිල් ගියෙත් ඒ පාරේ - අපිත් යනව ඒ පාරේ.
අපි පාලකයන් වශයෙන් අමාත්‍යාංශ වාහනවල යනවා. නැති එවුන්ට ඩබල් කැබ් දෙනවා. අනෙක් එවුන් පර්මිට් නම් ඉල්ලන්න එපා. පර්මිට් කතා ඉවරයි. බොක්කෙන්ම ජයවේවා කියල තමයි මට ඒ ගැන නම් කියන්න තියෙන්නෙ. රජයෙන් කන්නන්ගේ පාරිභෝජනවාදයේ දිනක ජය නියත ලොතරැයිය තමයි පර්මිට් එක. ඒක නැති කිරීම කියන්නෙ සිස්ටම් චේන්ජ් තමයි. හැබැයි ඉතින් වාහනවල බදු මට්ටම ඉහළ නිසා සාධාරණව හම්බ කරලා නම් වාහන ගන්නවා බොරු. අහු නොවී කුඩු, අයිස් විකුණගන්න තමයි වෙන්නෙ. අහු වුණොත් සොරි තමයි. බදාගන්න එන්නෙ නැතිලුනෙ.
පොදු ප්‍රවාහනයත් ඔහොමම තමයි. ඔය යන විදියට බස්වල, කෝච්චිවල පලයල්ලා. ශ්‍රීලන්කන් එක අපි ගොඩගන්න බලනවා. බැරි වුණොත් විකුණනවා. දැනට ගන්න කෙනෙකුත් නැහැ.
රස්සා, වැඩි පඩි ඉල්ලගෙන එන්න එපා. දැක්කනෙ දාපු නෝන්ඩිය ඒ කාලෙ තමන් කියපු කරපු දේවල් හා දැන් වෙනස ගැන. අම්බිකාලට සොරි තමයි මේ සැරෙත්. මතකද පසුගිය අයවැය කතාවෙදිත්. කිව්වා, වතු කම්කරුවන්ගේ යෝජිත රු. 1,700ක වැටුප ලබා දීමට රජය මැදිහත් වන බව.
ඔන්න මහපොළ වැඩි කරලා දුන්නා. අන්තරේ එන්න එපා නටන්න.
පළාත් සභා ඡන්ද නෑ. ඕනැ නම් විපක්ෂෙ එවුන් නීති හදා දීපල්ලා. පළාත් සභාවලට කටුව ගහන්න ජවිපෙ සිරිසේනට ඔපීනියන් දීපු කතා දැන් අදාළ නැහැ.
අයවැය කතාවේ හරය ඔන්න ඔහොමයි. අනෙක් සුරංගනා කතා හැබෑ වුණොත් හොඳයි. පහුගිය පෙබරවාරියේ කියපු සුරංගනා කතා කීයක් හැබෑ වෙලාද කියලා, 1 කමෙන්ටුවේ තියෙන ලැයිස්තුව පරීක්ෂා කරලා බලලා, මේ සුරංගනා කතා ගැන තීරණයකට එන්න.

(අජිත් පැරකුම් ජයසිංහ)
(උපුටා ගැනීම - Ajith Parakum ෆේස්බුක් පිටුවෙන්..)

