විජේවීරගෙ මුග්ධබව ආඩම්බරෙන් සමරන අය අඩි 5000 ගැන සුනන්ද දේශප්‍රිය කියන කතාවට සවන් දෙන්න

විජේවීරගෙ මුග්ධබව ආඩම්බරෙන් සමරන අය අඩි 5000 ගැන සුනන්ද දේශප්‍රිය කියන කතාවට සවන් දෙන්න

කඳුකරයේ මේ විනාශය ගැන මුලන්ම කීවේ විජේවීර නෙවේ දොස්තර වික්‍රමසිංහ කියල පළ වූ පෝස්ටුවට සුනන්ද දේශප්‍රිය ලියූ පහත දැක්වෙන සටහන හොඳ සංවාදයකට මුල පිරීමක් කියල තමයි මගේ කල්පනාව.

සුනන්ද කියන්නේ ජ්‍යෙෂ්ඨ පත්‍රකලාවේදියෙක් .ජවිපෙ හිටපු ජ්‍යෙෂ්ඨයෙක් 71 කැරැල්ලේදී ඔහු සිටියේ කඳුකරයේ. මහ නඩුවේ පස් වැනි විත්තිකරු.දැන් ජීවත් වෙන්නේ කඳුම තියෙන ස්විස්ටර්ලන්තයේ. මෙහෙම ලීවේ ඔහු ගැන අලුත් පරම්පරාව දන්නේ නැති නිසයි.රටේ දේශපාලන ඉතිහාසය හා භුගෝලය එක් කරලා ඔහු මේ කියන්නේ වටිනා කතාවක්.

"අපේ තාත්තා කොමියුනිස්ට් පක්ෂයේ අම්බලන්ගොඩ ප්‍රධානියා වෙලා හිටියෙ. විජේවීර තාත්තගේ පුස්තකාලයේ තිබුණ ඉදිරිමඟ සඟරා ඔක්කෝම අරං ගියා. ඒවයින් තමයි ආර්ථික අර්බූදය පන්තියට කරුණු ගත්තේ. හැබැයි අඩි 5000 දොස්තර වික්‍රමසිංහගෙද කියන්න මම දන්නේ නැහැ. කොහොම උනත් ඒක වැරදි අදහසක්. වැදගත් වන්නේ උස ‍නොවෙයි.

මීටර් 1,500ක් ( අඩි 5000 - මීටර් 1524ක) හරියටම ඇති වූ විට විශේෂ අනතුරක් ඇති වන්‍නේ නැහැ. වෙනත් සාධක තමයි වැදගත්. ඔය අඩි 5000 කතාව විජේවීර කිව්වේ වතුකම්කරුවන්ටයි වතු හිමිකරුවන්ටයි විරුද්ධ අදහසක් විදිහට. කිසිම විද්‍යාත්මක පදනමකින් නොවෙයි. පේරුවල ජනවාස තියෙනවා මීටර 4000ක් උස කදුවල. නේපාලයෙත් මීටර 2500 මිනිස්සු ජිවත් වෙනවා. ස්විස්ටර්ලන්තයේ මීටර 1500 ඉදන් 3000 වෙනකන් ගොනැගිලි තියෙනව.
උන්නතාංශයට වඩා වැදගත් වන්නේ බෑවුම් කෝණය, පාංශු වර්ගය, ජලාපවහනය, වර්ෂාපතන තීව්‍රතාවය, වෘක්ෂලතා ආවරණය සහ ගොඩනැගිලි ඉංජිනේරු විද්‍යාවේ ගුණාත්මකභාවයයි.

අනුර කෑවෙ විජේවීරගේ ලනුව!"

( උපුටා ගැනීම - Chinthana Dharmadasa ගේ ෆේස්බුක් පිටුවෙන්...)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න