ගීතයක අයිතිය තනු නිර්මාපකයාට සහ පද රචකයාට හිමිවිය යුතුයි කියන එක අපි කවුරුත් දන්නා නීතිමය කාරණයක්.
තව ද ලංකාවේ සංගීත ක්ෂේත්‍රය මුහුණ දෙන ලොකු එතිකල් ප්‍රශ්නයක් තියෙනවා කියලත් දන්නවා. ඒ තමයි විවිධ ප්‍රසංගවලින් ලක්ෂ ගණන් හොයන ගායකයෝ, තමන් ගායනා කරන ගීතයේ රචකයාට හෝ තනු නිර්මාපකයාට සත පහක්වත් නොගෙවීම.
හුදෙක් රාමුවක් පමණක් වූ ගීතයක පද සහ තනුව
මේක ප්‍රායෝගිකවම වෙන දෙයක්. මේ තත්ත්වය පාවිච්චි කරලා ගොඩක් අය පෙන්නන්න හදන්නේ නීතිය නම් හරියටම හරි. නීතිය අභියෝගයට ලක් කරන්න බෑ කියලා. කිසිම හිඩැසක් නෑ, ගායකයාට ගීතය සම්බන්ධයෙන් කිසිම අයිතියක් නෑ කියලා. මේ හදන්නේ අන්න ඒ නිරපේක්ෂ අදහස යම්කිසි දාර්ශනික සහ ආර්ථිකමය කෝණයකින් අභියෝගයට ලක් කරන්න. ආර්ථිකය කියලා විශේෂයෙන් කියන්න වෙන්නේ මේ සියලු ප්‍රශ්නවලට මූලික වන හේතුව ඒක නිසා.

කොළයක ලියපු ගීතයක්, ඒකට දාපු තනුවක් මේ මාකට් කැපිටලිස්ට් සමාජය ඇතුළෙ කිසිම විදිහකට ප්‍රසිද්ධ වෙන්නේ නැහැ, ඊට අදාළ ගායකයා ගේ හැකියාව සහ මැදිහත්වීම නැතුව. හෙගේලියන් අර්ථයෙන් ගත්තත් වියුක්ත (abstract) අදහසකට වඩා වටින්නේ එය ක්‍රියාත්මක වන, භෞතිකව පිහිටන (concrete) තත්ත්වයයි. ඒ කියන්නේ මොන අදහස තිබ්බත් තේරුමක් නැහැ, එය මහ පොළොවේ යථාර්ථයක් බවට පත් වෙන්නේ නැත්නම්. ගීතයක පද සහ තනුව කියන්නේ හුදෙක් රාමුවක් විතරයි. ඒ රාමුව ඇතුළට ජීවය පිඹින්නේ, තමන්ගේ හුස්මෙන්, ස්වර තන්ත්‍රවලින් සහ හැඟීම්වලින් ඒක මිනිස්සුන්ට දැනෙන භෞතික දෙයක් බවට පත් කරන්නේ ගායකයා.
ගායකයා හෝ ගායිකාව යනු...?
ඒ විදිහට බැලුවොත් ලියවිල්ලක් කියන්නේ අජීවී දෙයක්. ගායකයා තමන්ගේ ජීවමාන හුස්ම ඒකට මුසු කරනකම් ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. එතකොට අහන්න පුළුවන් ප්‍රශ්නේ තමයි ඇයි මේකේ ලස්සන විදිහට ගිටාර් ගහපු කෙනාට අයිතිය දෙන්න බැරිද මේ විදිහට තර්ක කලොත් කියලා. එහෙමත් කියන්න පුළුවන්. නමුත් අපිට ඉරක් ගහන්න වෙනවා නැත්නම් මේක ප්‍රායෝගික නොවන තැනකින් නතර වෙන නිසා අයිතිය පිළිබඳ ගැටලුවෙදි. මොකද 25 දෙනෙකුට අයිතිය දෙන්න බැහැනේ. ඒක නිසා වාදක මණ්ඩලයට මුදල් ගෙව්වයි කියන අදහසින් ඒක නවත්තන්න වෙනවා. තව ද, භාෂාව කියන්නේ කවුරුවත් තනියෙන් හොයාගත්ත දෙයක් නෙවෙයි. පද රචකයා වචන ගළපන්නේ, තනු නිර්මාපකයා නාද රටා හදන්නේ මේ සාමූහික ලෝකයේ, සංස්කෘතියේ ශිෂ්ටාචාරයේ තියෙන පැරණි දැනුම පාවිච්චි කරලා. මේ බුද්ධිමය අභ්‍යාසයක් කියන එක අභියෝගයට ලක් කරන්නේ නැහැ. ඒක පිළිගන්නවා. නමුත් ඒ අය කරන්නේ ඒ දේවල් අලුත් විදිහකට එකතු කරන එක. මේකම තමයි ගායකයාත් කරන්නේ. ඔහු ගායනා කරන විලාසය, වචන උච්චාරණය කරන රිද්මය, හැඟීම් ප්‍රකාශ කරන විදිහ සම්පූර්ණයෙන්ම ඔහුගේ ම තනි සොයාගැනීමක් නෙවෙයි. ඒකත් මේ සාමූහික නිර්මාණවලම කොටසක්. ඒ වගේම ගායකයා කියන්නේ නිකම්ම නිකම් අදහස් සම්ප්‍රේෂණය කරන යන්ත්‍රයක් නෙවෙයි. ඔහුගේ ගායන විලාසය හරහා ගායකයා අලුත්ම අර්ථයක් ගීතයට එකතු කරනවා. ඒ ක්‍රියාවලිය ඇතුළෙ ගායකයා අනිවාර්යයෙන්ම ඒ මොහොතේ ගීතයේ සම-නිර්මාපකයෙක් වෙනවා. ඒ කොහොමද?

ගීත රචකයා හා තනු නිර්මාණ ශිල්පියා ගීතයේ අයිතිකාරයෙක් වුණු විදිහෙන් ම.
ගායකයාට හෝගායිකාවට කිසිම අයිතියක් නැද්ද...?
ප්‍රියා සූරියසේන "ඈත රන් විමන්" කියද්දි ඇදලා කියන කෑල්ල තමයි ඔහුගේ මොකක් හෝ ඉන්පුට් එක කියමු උදාහරණයට. එතකොට මේක කවුරුහරි imitate කරනවා නම්, අපිට කියන්න පුළුවන්ද? ප්‍රියාසූරිය සේනට මේකේ කිසිම අයිතියක් නෑ කියලා. ඒ ඇදලා කියපු කෑල්ලම වෙන්න පුළුවන් ඒ ගීතය ජනප්‍රිය කරලා එහි ආර්ථික වටිනාකම පද රචකයාට හා තනු නිර්මාණ ශිල්පියාට යවන්නෙත්. හැබැයි මේ ඔක්කොම එහෙම වෙලා තියෙද්දිත්, අපිට කියන්න වෙලා තියෙන්නේ ගායකයාට කිසිම අයිතියක් නැහැ, අයිතිය තියෙන්නේ පද රචකයාට සහ තනු නිර්මාපකයාට විතරයි කියලා. සාමූහික දැනුම පාවිච්චි කරන එක් පාර්ශවයකට පූර්ණ අයිතිය දීලා අනෙක් පාර්ශවයට කිසිම අයිතියක් නෑ කියන එක සාධාරණ නැත. එකම පද මාලාව සහ තනුව රූකාන්ත වගේ ප්‍රවීණ ගායකයෙක් ගායනා කරනවා කියල හිතමු. ඒ වගේම කිසිම ප්‍රසිද්ධියක් නැති වෙනත් කෙනෙකුත් ඒකම ගායනා කරනවා කියලත් හිතමු. රූකාන්ත කිව්වොත් ඒ ගීතය අනිවාර්යයෙන්ම මිනිස්සු අතරට යනවා, මාකට් වෙනවා. ඒ හරහා ලොකු ආර්ථික වටිනාකමක් නිර්මාණය වෙනවා. අවසාන අර්ථයෙන් ඒ නිර්මාණයට වටිනාකම ලැබිලා, ඒ වටිනාකමින් කොටසක් හරි ගීත රචකයාට යන්නේ රූකාන්ත කියන ගායකයා ඒක කිව්ව නිසා නෙමේද? එහෙමනම් ඒ ගීතය ආර්ථිකමය වශයෙන් සාර්ථක වෙලා පද රචකයාට මුදල් යන්න පවා ගායකයා ගේ හැකියාව, හඬ පෞරුෂය දැඩිව බලපෑවා කියන එක අපිට පිළිගන්න වෙනවා. මේක රූකාන්ත නැතුව ජෝතිපාල දාගන්නත් පුළුවන්. ජෝතිපාල සින්දුව නළවලා කිව්ව නිසා තමයි සින්දුව ප්‍රසිද්ධ වුණේ කියල කියන්නත් පුළුවන්.

ගීතයක හිමිකමෙහි ප්‍රධාන කොටස් දෙක
ආර්ථික කෝණයකින් බැලුවත්, කොච්චර ගැඹුරු පද රචනයක්, කොච්චර සුන්දර තනුවක් වුණත් මිනිස්සු අතරට ගිහින් ඒකෙන් ආර්ථික වටිනාකමක් හැදෙන්නේ නැහැ කවුරුහරි ඒක 'විකිණිය හැකි මට්ටමකට' ගෙනාවේ නැත්නම්. මේ තියෙන්නේ මාකට් කැපිටලිස්ට් සොසයිටි එකක්. සංකල්පය ආදායමක් බවට පත් කරන පාලම වෙන්නේ ගායකයාගේ ශ්‍රමය වීමත් අපට බැහැර කරන්න බැහැ කොහොමටවත්. දැන් ලෝකේ පිළිගත්තු මියුසික් ඉන්ඩස්ට්‍රි එක ගීතයක මේ අයිතිය ප්‍රධාන කොටස් දෙකකට කඩනව. එකක් පබ්ලිෂිං රයිට් (Publishing Right), ඒක අයිති රචකයාට සහ තනු නිර්මාපකයාට. අනිත් එක මාස්ටර් රෙකෝඩින් රයිට් (Master Recording Right), ඒක ගොඩක් වෙලාවට අයිති ගායකයාට හරි නිෂ්පාදකයාට හරි. මොකද රචකයාට අයිති මූලික අදහස වුණාට, ඒ අදහස සල්ලි වෙන නිශ්චිත ඕඩියෝ ෆයිල් එක හැදෙන්නේ ගායකයාගේ මැදිහත්වීමෙන්.
ආර්ථික භාණ්ඩයෙන් ගායකයා හෝ ගායිකාව සම්පූර්ණයෙන් ගැලවිය හැකි ද...?

දැන් මේ අභියෝගයට ලක් කරන්න හදන්නේ, ඔයා ගායකයා විදිහට එතන ඔයා කියපු සින්දුවේ පබ්ලිෂින් රයිට් එක තියෙනවනේ. වෙන කවුරුත් කියන එකට ඒක ඉල්ලන්න එපා කියලා කතාව. වෙනත් කෙනෙකුගේ ගායනයට රයිට් නම් ඉල්ල තරම් කවුරුත් මෝඩ නැතුව ඇති. හැබැයි මේ මිනිස්සු කියන්නේ අපිට පොඩි දැනුවත් කිරීමක් හරි කළේ නෑ කියලා. ඇත්තම කිව්වොත් මේ මිනිස්සු කියන්නේ එහෙම තමන්ගෙන් ඇහුව නැති කතාව නෙමේ අවිඥානකව. ඇතුළෙන් කියවෙන්නේ තමන්ගේ ආර්ථික භාණ්ඩයට ඇණේ ගහපු එක ගැන අවනඩුව. ඕක ඉතිං අපිට තේරෙනවනෙ. කොහොම හරි දැන් ගායකයා ඒක ලස්සනට කිව්වෙ නැත්නම් එහි වටිනාකමක් නැහැ. එහෙනම් කවුරුත් ඒ සින්දුව ඉල්ලන්නෙත් නැති වෙන්න පුළුවන් අලුතෙන් කියන්න. සිරස හරි දෙරණ හරි අලුතෙන් ගායකයෝ ඒක කියන්නෙවත් නැති වෙන්න පුළුවන්. එහෙනම් එම ආර්ථික භාණ්ඩයෙන් ඒ ගායකයාව සම්පූර්ණයෙන් ගලවන්න අමාරුයි.
Music Factory සහ Backstreet Boys
ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක හැදිච්ච විදිහයි, පිටරට මියුසික් ෆැක්ටරි (Music Factory) හැදිච්ච විදිහයි සංසන්දනය කරාම වෙනසක් පේනවා. මේ ගැන පොත් කීපයක් ලියවිලත් තියෙනවා මියුසික් පැක්ට්‍රි ගැන. මම මීට මාස හයකට කලින් එකක් කියෙව්වා. බටහිර ලෝකයේ Backstreet Boys වගේ කණ්ඩායම් හැදුවේ සම්පූර්ණයෙන් ම ව්‍යාපාරයක් විදිහට. ආයෝජකයෝ එකතු වෙලා, හොඳට සින්දු කියන්න පුළුවන් කොල්ලෝ ටිකක් තෝරගෙන, ඒ අයට අධික ප්‍රචාරයක් දීලා නිෂ්පාදනයක් විදිහට මාකට් කරා. එතනදී අයිතිය තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඒ ආයෝජනය කරපු, වැඩේ සංවිධානය කරපු බිස්නස් එකට මිසක් ගායක ගයිකාවන්ට නෙවෙයි.
ඇයි එහෙම කියන්නේ කිව්වොත්, Backstreet Boys නෙමෙයි වෙන කවුරුහරි කිව්වත් ඒක ජනප්‍රිය වන මට්ටමට ඒ සින්දුව හදලා ඉවරයි මියුසික් පැක්ට්‍රියෙන්. Back street boys ලව හදන්නේ සිංදු කියන කොල්ලෝ කීපයක් තෝරල ම නෙවෙයි. එක එක වයසේ අය ගන්නවා මේකට. එතකොට ගැහැනු ළමයි ඕඩියන්ස් එක, එනම්, සීඩී ගන්නෙ අය විවිධ විවිධ වයසෙ කොල්ලො සමඟ ආකර්ෂණයෙන් බැඳෙනවා. එතකොට මේ පුද්ගලයෝ පවා මාකටින් Strategy එකේ කොටසක්. Spice girls සහ ඊට පස්සේ ආපු කණ්ඩායම් පවා මෙහෙමයි කතාව.
Backstreet Boys
විවේචනය කළ යුතු සදාචාරාත්මක ප්‍රශ්නය
හැබැයි ලංකාවේ වෙලා තියෙන්නෙ ඕකම නෙමෙයි.
ලංකාවේ ගොඩක් වෙලාවට වෙන්නේ ගායකයා තමන්ගේ මහන්සියෙන් පද රචකයෙක් සහ තනු නිර්මාපකයෙක් හොයාගෙන ගිහිල්ලා, සල්ලි වියදම් කරලා තමන්ට ඕන විදිහට සින්දුව හදාගන්න එක. ඊට පස්සේ ඒ ගායකයාගේ හඬින්, ඔහුගේ මහන්සියෙන් ඒ ගීතය මිනිස්සු අතරට ගිහින් ජනප්‍රිය වුණාට පස්සේ, රචකයන්ට බැහැ "ඔයාට මේකේ කිසිම අයිතියක් නෑ, අපි ලිව්ව නිසා තමයි මේක හිට් වුණේ" කියලා කියන්න.
ප්‍රියා සූරියසේන
මතකද ප්‍රියා සූරියසේනගේ සින්දුව "අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතුවේ" කියන සිංදුව සමග කතාව. බෝතලය තමා මිහිර. බෝතලයක් අරන් ගිහිල්ලා තමා ප්‍රේමකීර්තිට දීලා සිංදුව ලියා ගත්තා කියන්නේ. හැබැයි සින්දුව කියලා ප්‍රසිද්ධ වෙලා සල්ලි හම්බුනාම බෝතලය දීපු එක මදි. අන්න ඒක තමා එතිකල් ප්‍රශ්නය. ඒක පිළි අරන් තමයි ඉතුරු ටික කිව්වේ. ඒ නිසා ලංකාවේ ගායකයෝ රචකයන්ට මුදල් නොගෙවීම කියන සදාචාරාත්මක ප්‍රශ්නය අපි අනිවාර්යයෙන්ම විවේචනය කළ යුතුයි. හැබැයි ඒකම මත පිහිටලා "ගීතයේ තනි අයිතිකරුවා රචකයා සහ තනු නිර්මාපකයා පමණයි, ගායකයාට එහි කිසිම අයිතියක් නැහැ" කියන එක දාර්ශනිකවත්, ආර්ථිකමය වශයෙනුත්, ප්‍රායෝගිකවත් අභියෝගයට ලක් කළ හැකි තර්කයක්, විශේෂයෙන් ලංකාවේ සංදර්භය තුළ.
පසු ලිවීම කමෙන්ට් කීපයකට පසු.
* * * *
Heath Ledger batman movie එකේ why so serious කියලා රඟපාන එක අහලා දැකලා ඇතිනේ. දැන් මේකෙන් මේ නළුවාව ගලවන්න පුළුවන්ද ෆිල්ම් එකට අයිතිය ඩිරෙක්ටර්ට හරි ස්ක්‍රීන් රයිටර්ට හරි ප්‍රොඩියුසර්ට හරි කියල.
මේක මාක්ස් කිව්ව අර්ථයෙන් ගත්තත් Alienation


