Image

වෛරයෙන් තොර තමිල්නාඩු දේශපාලනය

වෛරයෙන් තොර තමිල්නාඩු දේශපාලනය

තලාපති විජේ ඔහුගේ TVK( ටැමිල් වෙට්රි කසාගම්) පක්ෂයෙන් තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ජයග්‍රහණය කර කොංග්‍රසය සහ තවත් පක්ෂ සමග එකතුවී ආණ්ඩුව පිහිටුවා ප්‍රධාන අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව හිටපු ප්‍රධාන අමාත්‍ය සහ DMK නායක එම්. කේ. ස්ටාලින් හමුවීමත් දෙදෙනා සළු පොරවාගෙන ගෞරව කිරීමත් අපට නම් අදහා ගත නොහැකි දෙයකි.

මන්ද විජේ ගේ සම්පූර්ණ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ගොඩනැගී තිබුණේ හිටපු ප්‍රාන්ත පාලනයට සහ එහි නායකයන්ට එරෙහිව බැවිනි. අපේ වර්තමාන නායකත්වය ක්‍රියාත්මක වන ආකාරයට එය සිතා ගැනීමටත් නොහැකි තත්ත්වයකි. විජේ ගේ පාක්ෂිකයින් කිසිවකු මෙය ජනතා අභිලාෂ පාවාදීමක් යැයි මාධ්‍ය මගින් ප්‍රකාශ කරනවා අපි නොදැක්කෙමු.

සිනමා රූපක සමග බැඳුණු දේශපාලනය

698253551 10241091255482247 1208322221040858682 nකොහොමටත් තමිල්නාඩුවේ දමිළ ජනයා ජනප්‍රිය ජනකාන්තවාදී දේශපාලනයට කැමතිය. MGR ( ඒම්.ජී රාමචන්ද්‍රන්), ජයලලිතා ජනප්‍රිය සිනමා තාරකා ය. ඉතා කෙටි කලකට මහ ඇමති වූ ජානකී MGR ගේ බිරිඳ ය. සිව්වරක් මහ ඇමති ධුරය දැරූ හිටපු මහඇමති ස්ටාලින් ගේ පියාවන එම්. කරුණානිධි සිනමා තිර පිටපත් රචකයෙකී. ද්‍රවිඩ දේශපාලනයේ ආරම්භකයා වන සි.එන්. අන්නදොරෙයිද තිර පිටපත් රචකයෙක් සහ කවියකි. 1969 පෙබරවාරි 4 වෙනදා පැවති ඔහු ගේ අවමගුලට සහභාගී වූ ජනකාය මිලියන 15කි. එය එදා මෙදා තුර අවමංගල්‍යයකට සහභාගී වූ වැඩිම පිරිස පිළිබඳ ගිනස් වාර්තාව ද වේ.

 

ඉමෙල්ඩා සහ ජෙයලලිතා

ජයලලිතා ඇතුළු තමිල්නාඩු දේශපාලකයන්ට දූෂණ චෝදනා එල්ල වී බන්ධනාගාරගතවී ඇති අවස්ථා ද බොහෝය. ඒ අතුරින් ජයලලිතා ගේ දේපළ පිළිබඳ පැවති700581884 10241091252722178 5508268334591143623 n නඩුව සුවිශේෂ ය. පිලිපීනයේ ඉමෙල්ඩා මාර්කෝස් ගේ මෙන් ඇය සතු සාරි, ස්වර්ණාභරණ පාවහන් පිළිබඳ ලැයිස්තු ද මාධ්‍ය මගින් හෙළි කෙරුණි. නමුත් ඇය මියගිය විට මිලියන ගණනක් මරිනා වෙරළ තීරයට පැමිණ වැළපුණේය. චෙන්නායි හි බොහෝ තැන්වල දේශපාලකයින් ගේ පිළිරූ ඉදිකර ඇත. දැවැන්ත පෝස්ටර් ප්‍රදර්ශනය කර ඇත. (ලංකාවේ තිබුණා නම් ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයන් බුලත් කෙළ පහරක් හෝ එල්ල කරනු ඇත)

ලංකාව තත්ත්වය මෙයට හාත්පසින්ම වෙනස් ය. හැම ඡන්දදායකයකුට ම ප්‍රතිවිරුද්ධ පක්ෂයේ නායකයා, දේශපාලනඥයින් පේන්න බැරිය. වර්තමානයේ ඔවුන්ට නිවන් සුව අත්වෙනතුරු බලා සිටිති. මේ වෛරයේ ආරම්භය පිළිබඳ ගවේෂණය කළ යුතු ය. සමාජ මාධ්‍ය භාවිතයත් සමග දිනෙන් දින මෙම තත්ත්වය වර්ධනය වේ. කෙසේ වුව ද තමිල්නාඩු දේශපාලනය අපිට වඩා විචිත්‍රය.

Rasanga Harischandra Chennai,Tamilnadu සිට

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න