Image

ජවිපෙ සහ මාලිමාව අතර පරතරය නම්...

ජවිපෙ සහ මාලිමාව අතර පරතරය නම්...

මාලිමාව වටා එක් වූ සියල්ලෝ ම ජවිපෙ නොවන බව අප කවුරුත් දන්නා කරුණකි.  එමෙන් ම මාලිමාවේ ඉදිරිපෙළ බහුතරයක් ජවිපෙ බව ද අප දන්නා කරුණකි.

මේ මාලිමා ආණ්ඩුවේ ඉදිරිපෙළ සිටිනා දහ දෙනෙක් තරම් වූ අයගේ නම් හැර අනෙත් එකසිය හතළිස් ගානේ ම නම් බහුතරයක් වූ මහ ජනයා දන්නේ නැත. එමෙන්ම බහුතරයක් අය ජවිපෙ පක්ෂයේ කාඩර්වරු හෝ යාවජීව සාමාජිකයින් ද නොවන නමුත් පැවැති ආණ්ඩුවල ක්‍රියාකාරීත්වයන්ට කලකිරීම නිසා එක්වූ අයගේ ද යහපත් සමාජයක් වෙනුවෙන් වූ ප්‍රාර්ථනා සහිත පිරිසක ගේ නියෝජනයකි.

 

මාලිමාවේ රහස ටිල්වින් නොව අනුර ය

481079516 627829103183570 7988895978508811374 n

ඇත්තටම මාළිමාවේ ඔය ඉදිරිපෙළ කිහිප දෙනා හැර අනෙත් මාළිමා මංත්‍රීවරුන් ගේ නම් අප මහජනතාව නොදන්නේ නිකම්ම ම නෙවේ. ඒ ඔවුනට ඇත්තේ උප්පැන්න සහතිකයේ දෙමාපියන් ලබා දුන් නම පමණක් නිසා ය. අඩු ගානේ චාමර සම්පත්ට හොඳ හෝ නරක යන කාරණාවන් පසෙක ලා බැලුවහොත් මාලිමාවේ මේ කියන බහුතර මංත්‍රීවරුන්ට වඩා සමාජ නාමයක් තම නමට එක් කරගෙන ඇත. කොටින්ම ජනතාව ඒ නම දනී. ඒ නිසා නම් යනු උපයාගත යුතු සාධකයකි. ජවිපෙ තුළ සිටමින් දේශපාලනිකව සමාජීයව වැඩ කිරීම තුළ ඔවුන් තම නමට සමාජ සංකේත බලයක් උපයාගෙන ඇතත් පසු පෙළ මාලිමා මංත්‍රීවරුන්ට එසේ උපයාගත් නමක් නැත. සැබවින් ම බැලුවහොත් මාලිමාවේ එකසිය ගාණකට ඇත්තේ එක සමාජීය නමකි;  ඒ "අනුර" ය; මාලිමාවේ රහස ටිල්වින් නොව අනුර ය. අනුර ගේ සංකේත නාමය බහුතරයක ගේ ආත්මය වී තිබේ. මෙය එක අතකින් භයානක ය. ඊටත් වඩා දීර්ගකාලීන උපාය උපක්‍රමික දේශපාලන භාවිතාව තුළ අවාසිය .

 

ගරිල්ලා සන්නද්ධකරුවන් ගේ සූක්ෂ්ම උපාය

351d4130 7bed 11ef b282 4535eb84fe4b.png

කෙනෙකුගේ සමාජ සංකේත නාමය ගොගනගා ගැනීම හිතන තරම් පහසු නැත . එල් ටී ටී ඊ එක මෙන් ම ජවිපෙ ද මේ රටේ සන්නද්ධ කැරලිකරුවෝ ය. එවැනි සංවිධාන ඔවුන් ගේ  උප්පැන්න නම මකා දමති. එක්කෝ සාමාජිකයකු එක්තරා අංකයකි. එක්කෝ වෙන නමකි. අනන්‍යතාව මකා දැමීම ගරිල්ලා සන්නද්ධකරුවන් ගේ සූක්ෂ්ම උපායක් වුව ද ඔවුන් රටක ආණ්ඩු බලයට ආ පසු තත්ත්වය වෙනස් ය. නම හදා ගැනීම හුදු පුද්ගල මමත්වයට අදාළ කාරණාවක් වුවත් වඩා වැදගත් වන්නේ පුද්ගලාබද්ධ සංකේත බලයක් ගොඩනගා ගැනීමකට වඩා පක්ෂයක පොදු අරමුණ වටා කේන්ද්‍ර ගත වීම නිවැරැදි කාරණාවක් වුවත් ලාංකීය දේශපාලනය සංකේත නාමය තවමත් පහසුවෙන් මග හැරිය නොහැකි බව වටහා ගත යුතු ය.

 

පාඨලී ගේ සෙල්ලම

patali champika

 

වෙනස් වෙනස් අදහස් හෝ මතවාද ඇති පුද්ගල සාධක එක්වෙන විට ඒ විවිධත්වය තුළ ගොඩනැංවිය යුතු පොදු සංගතභාවයක් හරියකට නිර්මාණය වී නොමැත්තේ නම් එතන දී  නිදහස් අදහස් උපදිනවා වෙනුවට ඉපදෙන්නේ දෙගිඩියාසහගත තත්ත්වයකි. පැලවත්තේ පක්ෂය කුමක් කියාවි ද යන කුකුස මාළිමාවේ ජවිපෙ නොවන මංත්‍රීවරුන් ගේ මනසට එන්නේ නම් එය සාධනීය තත්වයක් නොවේ . එදිනෙදා පැන නගින සමාජ ගැටලු සම්බන්ධ අදහස් දැක්වීමේ දී  පක්ෂයේ අවසන් තීරණය එන තුරු කල් මරන්නට සිදුවෙනවා නම් එය එතරම් හොඳ තත්ත්වයක් නොවේ. මාළිමාව යනු ජවිපෙ කේන්ද්‍රවූවක් බව සැබෑවක් වුවත් ආණ්ඩුකරණයේ දී තත්ත්වය වඩාත් සංකීර්ණ වන්නේ ආණ්ඩුවක් යනු පක්ෂයක් නොවන නිසා ය. මෙන්න මේ ජවිපෙ සහ මාලිමාව අතර වූ ගැප් එක අතර ඕනෑ නම් තවත් කෙනෙකුට සෙල්ලම් කළ හැකි ය. සජිත්ලා නාමල්ලා දිලිත්ලා කෙසේ වෙතත් පාඨලී කරමින් සිටින්නේ අන්න එයයි.

 

WhatsApp Image 2026 06 12 at 5.03.14 AM

 

 

 

 

 

 

සටහන - සරත් ප්‍රේමතිලක

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න