මේ වන විට විපක්ෂය හතරට කැඩී ඇති බැවින් එම හතර දෙනා (දිලිත් - නාමල්, සජිත් - රනිල්) සමග ම කිසිදු සාකච්ඡාවක් කිරීමෙන් පලක් නොමැති බවත් දැන් සිදුවිය යුත්තේ වෙන ම බලවේගයක් ගොඩනැගීම සඳහා ජනතාව සූදානම් කරවීම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මේ ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක් බවයි. එමෙන් ම, ආණ්ඩුව විසින් 58%වන විපක්ෂයේ සැමට 'හොරු' යැයි ආමන්ත්‍රණය කිරීම ද බරපතළ වරදක් යැයි හෙතෙම පැහැදිලි කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
