මේ වන විට ශ්‍රී ලංකාවේ හමු වූ දෙවෙනි විශාලතම සමූහ සුසානයේ හැත්තෑ හතර වැනි දිනයේ සිදු කළ කැණීම්වලින් ගොඩ ගත් මිනිස් සිරුරු නමය අතුරින් අටක් ම දරුවන්ගේ ය.
අවුරුද්දකට වැඩි කාලයක් විමර්ශන කටයුතු නිරීක්ෂණයේ යෙදී සිටින නීතිඥ රනිතා ඥානරාජා ජුනි 08 වැනිදා සදහන් කළේ චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මේ වන විට හඳුනාගත් මිනිස් සිරුරු 327න් 311ක් ම ගොඩ ගෙන ඇති බවයි.

චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමග ම මේ වන තෙක් ගොඩගත් 100 ට ආසන්න පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් සහ කාසි කිහිපයක් ද වෙයි.
අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025 මැයි 15 වැනිදා ය.

ශ්‍රී ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල ළමුන් 28 ක් ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වළයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
