Image

කෙහෙල්බද්දර පද්මේ ලබන 17 දක්වා යළිත් රිමාන්ඩ්!

කෙහෙල්බද්දර පද්මේ ලබන 17 දක්වා යළිත් රිමාන්ඩ්!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන ප්‍රශ්න කරනු ලැබු  කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ ලබන 17 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (3) නියෝග කළේය.

අදාළ නඩුව කැඳවු  අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබිණි.

සිද්ධියට අදාළ සැකකරු බුස්ස බන්ධනාගාරයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයේ පෙනී සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු වන බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.

සැකකරු සම්බන්ධයෙන් වෙනත් අධිකරණවල තිබෙන නඩු එම අධිකරණවලට යොමු කරන ලෙසත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තිබෙන නඩුව සහ ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාල නඩුව පමණක් මෙම අධිකරණයට යොමු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න