කොවිඩ් ආසාදනයෙන් ස්වාසිලන්ත අගමැති මියයයි

කොවිඩ් ආසාදනයෙන් ස්වාසිලන්ත අගමැති මියයයි

ස්වාසිලන්තය ලෙස මින්පෙර හැඳින්වූ, අප්‍රිකානු රාජ්‍යයක් වන ඒස්වටිනි හි අග්‍රාමාත්‍ය ඇම්බ්‍රෝස් ඩ්ලාමිනි මහතා මියගොස් ඇතැයි වාර්තා වේ.

ඔහු මියගොස් ඇත්තේ කොරෝනා වැළඳීී ඇති බවට තහවුරු වීමෙන් සති හතරකට පමණ පසුව බව එරට රජය පවසයි.

මියයන විට ඔහු 52 හැවිරිදි වියේ පසුවිය.

පසුගිය නොවැම්බර් 16 වන දින තමාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඩ්ලාමිනි මහතා නිවේදනය කළේය. රෝග ලක්ෂණ නොමැති බවත් සුවෙන් පසුවන බවත් ඒහිදී ඔහු කියා තිබිණි. සති දෙකකට පමණ පසු ඒස්වටිනි රජය කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා දකුණු අප්‍රිකාවේ රෝහලකට ගෙනගිය බවයි. නමුත් ඉරිදා (13) සවස වැඩි විස්තර ලබා නොදෙමින් රජය කියා සිටියේ දකුණු අප්‍රිකාවේ රෝහලක වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී ඩ්ලාමිනි මියගිය බවයි.

ඩ්ලාමිනි මහතා 2018 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ඒස්වටිනිහි අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

ඒස්වටිනිහි මිලියනයක පමණ ජනගහනයක් ජීවත් වන අතර මේ වනවිට කොරෝනා රෝගීන් 6,768ක් සහ මරණ 127ක් වාර්තා වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න