Image

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම නීතියක් බලහත්කාරයෙන් පැටවීමක් ද...?

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම නීතියක් බලහත්කාරයෙන් පැටවීමක් ද...?

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම මැයෙන් ආණ්ඩුව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති අතර එය මේ වනවිට පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත. ඒ අනුව එය සම්මත වීමෙන් පසු රටේ නීතියක් බවට පත්වනු ඇත. එම නීතිය සංශෝධනය කිරීමේ හා එම නීතිය යටතේ රීති හැදීමේ බලය බලයේ සිටින ආණ්ඩුවලට හිමිවනු ඇත.

මෙතෙක් රටේ කිසිදු වෘත්තිකයින් ගේ ආයතනයක් හෝ විද්වත් ආයතනයක් රජයේ නීතියකින් ස්ථාපිත කර නැත. ඒ ඒ වෘත්තිකයින් ඔවුන් ගේ වුවමනාව අනුව ආයතන හෝ විද්වත් ආයතන පිහිටුවාගෙන ඇත. එම සමහර ආයතන පසුව ව්‍යවස්ථාදායකයේ හෙවත් පාර්ලිමේන්තුවේ පිළිගැනීම ලබාගෙන ඇත. එම පිළිගැනීම ලබා ගැනීමේ පනත් හඳුන්වන්නේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා හෙවත් Incorporation act නමිනි. ඒවායින් සිදුකරන්නේ එම පවතින ආයතනය ඔවුන් ගේ අරමුණු සහිතව පිළිගැනීම පමණී. එසේ පාර්ලිමේන්තුවේ පිළිගැනීම ලබාගත් වෘත්තිකයින් ගේ ආයතන ඇත්තේ ද කිහිපයක් පමණී. උදාහරණයකට Institute of chartered accountants of sri lanka සහ sri lanka institute of architect ගත හැකි ය.

වෘත්තිකයින් ගේ ආයතන හදාගන්නේ ඒ ඒ වෘත්තිකයින් විසිනි. ඔවුන්ට ඒ සදහා වුවමනාවක් ඇතත් හැකියාවක් නැත්නම් ආණ්ඩුවක් කළ යුත්තේ ඔවුන් ගේ ඉල්ලීමක් ඇත්නම් ඒ සදහා පහසුකම් සැලසීම ය. එසේ නොමැතිව රටේ නීතියක් බලහත්කාරයෙන් පැටවීම නොවේ. ආයතන හෝ විද්වත් ආයතන නැති රටේ වෙනත් කිසිදු වෘත්තිකයකු වෙනුවෙන් නැති වුවමනාවක් මාධ්‍ය වෙනුවෙන් ආණ්ඩුවට ඇතිවී ඇත්තේ ඇයි? මාධ්‍ය පැවතිය යුත්තේ රාජ්‍යයෙන් නිදහස්ව මිස රාජ්‍ය තුළ නොවේ. මන්ද රාජ්‍යයේ සුපරීක්ෂකයා වන්නේ මාධ්‍ය වන බැවිනි. මෙතෙක් බලයේ සිටි කිසිදු ආණ්ඩුවක් නොකළ මේ උත්සාහය කුමක් සදහාද?

 

lasantharuhunage

 

 

 

 සටහන - ලසන්ත රුහුණගේ (Lasantha Ruhunage)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න