ඇෆ්ගනිස්තානයේ කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල විශාල පිපිරීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
CNN පුවත් සේවය පැවසුවේ එම පිපිරීම මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවය.
මේ අතර එම ප්‍රහාරයෙන් ළමයින් සහ කාන්තාවන් ඇතුළුව 11 දෙනෙක් මියගොස් ඇතැයි තලෙබාන් සංවිධානය පැවසීය.
BBC පුවත් සේවය ට ප්‍රකාශයක් කරමින් තලෙබාන් ප්‍රකාශකයෙක් ඒ බව තහවුරු කර ඇති බව සඳහන් වෙයි.
එම පිපිරීමෙන් තලෙබාන් භටයින් කිහිපදෙනෙක් ද තුවාල ලබා තිබේ.
ප්‍රහාරය කවුරුන් විසින් එල්ල කළේද යන්න මෙතෙක් හෙළිවී නොමැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
