රුසියානු ජනාධිපතිවරණයට සයිබර් ප්‍රහාරයක්

රුසියානු ජනාධිපතිවරණයට සයිබර් ප්‍රහාරයක්

රුසියාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන අතරවාරයේ මැතිවරණ කොමිසමේ තොරතුරු මධ්‍යස්ථානයට සහ රුසියානු මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වුවත් එය යතා තත්ත්වයට පත්ව ඇති බවත් අද (18) රාත්‍රිය වන විට ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි බව එරට මැතිවරණ කොමිසම උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තාකර සිටියි.

ලොව විශාලතම රාජ්‍ය වන රුසියානු සමූහ ආණ්ඩුවේ 5 වැනි ජනාධිපතිවරණය අද පැවැත්වූ අතර ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුසුසුකම්ලත් ජන්දදායකයින් සංඛ්‍යාව මිලියන 111කි. රුසියානු මැතිවරණ කොමිසම උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ මොස්කව් වේලාවෙන් සවස 5 පමණ වන විට සමස්ථ ජන්ද ප්‍රමාණයෙන් 50.2 % කට අධික ජන්ද ප්‍රමාණයක් ප්‍රකාශයට පත්ව තිබු බවය.

මෙම ජන්ද විමසුම එරට වේලාවෙන් 18 වනදා පෙරවරු 8 ට ආරම්භව ඇති අතර එය රාත්‍රි 8 ට අවසන් වීමට නියමිත ය. එසේම මෙවර රුසියානු ජනාධිපතිවරණය සඳහා ජනාධිපති විලැද්මීර් පුතින් ඇතුළු අපේක්ෂකයින් 8 දෙනෙකු තරග වදින අතර රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිට ජනාධිපතිවරණ අපේක්ෂක ධූරය අහිමිව තිබේ. එසේම එරට සිවිල් ආරම්භක පක්ෂය නියෝජනය කරමින් කෙසියා සොර්බක්, කාන්තා අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත්ව සිටී.

රුසියානු ජනාධිපතිවරණයේ කාන්තා අපේක්ෂිකාව කෙසියා සොර්බක්

මේ අතර රුසියානු මාධ්‍ය වාර්තා කර සිටින්නේ මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයේදී විලැද්මීර් පුතින්ට 60% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමට අවස්ථාව ඇති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න