පුතින් යළි බලයට ගෙනෙන තවත් ඡන්දයක් ආරම්භ වෙයි

පුතින් යළි බලයට ගෙනෙන තවත් ඡන්දයක් ආරම්භ වෙයි

රුසියාවේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම් ආරම්භ වී ඇත.

මහා දේශයක් වන රුසියාවේ බටහිර පාර්ශ්වය වන කලිනින්ග්‍රාද් පටන් ඈත පෙරදිග තෙක් රටපුරා ජනතාව ඡන්දය දෙමින් ඇති බව වාර්තා වෙයි.

රුසියාවේ ඈත පෙරදිග කලාපයේ වේලාව අනුව ඡන්ද විමසීම් ආරම්භ වී ඇත්තේ ග්‍රිනිච් වේලාවෙන් සෙනසුරාදා රාත්‍රී අටට පමණය.

මෙම ජනාධිපතිවරණයේ පළමු ප්‍රතිපලය ඉරිදා (මාර්තු 18) සන්ධ්‍යාවේම ප්‍රකාශයට පත් කරනු ඇතැයි බලාපොරොත්තු පළ වෙමින් පවතී.

මෙම ජනාධිපතිවරණය මගින් තවත් වසර හයක නිල කාලයක් දිනා ගැනීම ජනාධිපති ව්ලදිමීර් පුතින් ගේ ඉලක්කයයි.

වසර 1999 පටන් රටේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හැටියට බලයේ රැඳී සිටිමින් රුසියාව පාලනය කරනු ලබන්නේ ව්ලදිමීර් පුතින් විසිනි.

මෙවර රුසියාවේ ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයෝ හත් දෙනෙක් තරඟ කරති.

ධනවත් කොමියුනිස්ට්වාදියකු වන පාවෙල් ගෘදිනින්,රුපවාහිනී ශිල්පියකුව සිටි සේන්යා සොබ්චක් සහ ජාතිකවාදී රුසියානු නායකයකු වන ව්ලදිමීර් ෂිරිනොව්ස්කි එම අපේක්ෂකයන් අතර සිටිති.

එහෙත් ප්‍රධාන විපක්ෂ නායක අලෙක්ෂි නවල්නිට මෙම ජනාධිපතිවරණය සඳහා තරඟ වැදීමට අවස්ථාව නොලැබුණි.

ඊට හේතු වුණේ වංචා චෝදනාවන්ට ඔහු වරදකරු කරනු ලැබීමයි.

එම චෝදනා දේශපාලන යටි අරමුණු අනුව ගොතන ලද ඒවා යයි පවසන රුසියාවේ විපක්ෂ නායකයා මේ ඡන්ද වර්ජනය කරන මෙන් මහජනයාගෙන් ඉල්ලීමක් කරයි.

හැටපස් හැවිරිදි ව්ලදිමීර් පුතින් මෙම ජනාධිපතිවරණය ජය ගත්තොත් ඔහු මෙය ඔහු එම පදවියට පත්වෙන හතරවෙනි අවස්ථාව වනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න