හිටපු KGB ඔත්තුකරුවාට වසදීම : රුසියානු බ්‍රිතාන්‍ය තානාපති සබඳතා අර්බුදයක

හිටපු KGB ඔත්තුකරුවාට වසදීම : රුසියානු බ්‍රිතාන්‍ය තානාපති සබඳතා අර්බුදයක

මොස්කව් නුවර බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ සේවය කරන රාජ්‍යතාන්ත්‍රිකයන් 23 දෙනෙකු එරටින් පිටුවහල් කරන බවත් එම පිරිස ඉදිරි සතිය ඇතුළත රටින් පිටුවහල් වියයුතු බවත් රුසියාවේ විදේශ අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයක සඳහන්ව ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට රුසියාව මෙම තීන්දුව ගෙන තිබෙන්නේ රුසියාවේ හිටපු රහස් ඔත්තුකරුවෙකු සහ ඔහුගේ දියණියට බ්‍රිතාන්‍යයේදී වස දීමත් සමග බ්‍රිතාන්‍යයේ සිටින රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් 23 දෙනෙකු පිටුවහල් කරන බවට අගමැතිනි තෙරේසා මේ කළ නිවේදනයට ප්‍රතිචාර වශයෙනි.

තවද රුසියාවේ පිහිටි බ්‍රිතාන්‍ය කවුන්සිලය සහ ශාන්ත පිතෙර්බුර්ග් නගරයේ පිහිටි බ්‍රිතාන්‍ය කොන්සල් කාර්යාලය වසා දමන බවත් නිවේදනයේ සඳහන් බව විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

හිටපු කේජීබී නිලධාරියෙකු වන සෙර්ගේයි ස්ක්‍රිපාල් (Sergei Skripal) සහ ඔහුගේ දියණිය වූ යූල්යා ස්ක්‍රිපාල්ට පසුගිය මාර්තු මස 04 වෙනි දින සැලිස්බරි නගරයේදී වස දීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය රුසියාවට චෝදනා කරන නමුත් රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

වස ශරීගතවීමෙන් අනතුරුව අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කෙරුණු හැටහය හැවිරිදි ස්ක්‍රිපාල් සහ ඔහුගේ තිස්තුන් හැවිරිදි දියණිය තවමත් ප්‍රතිකාර ලබමින් සිටින අතර රෝහල් ආරංචිමාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ අදාළ අධි විෂ වර්ගය ඔවුන්ගේ ස්නායු පද්ධතියට ඍජුව බලපා ඇති බවත් ගෑස්, කුඩු ලෙස හෝ දියරයක් ලෙස එම විෂ ශරීර ගත වන්නට ඇති බවත්ය.

එසේම අදාළ සිදුවීම සම්බන්ධව පවත්වන විමර්ශන කටයුතු වෙනුවෙන් සහය පතා බ්‍රිතාන්‍ය විසින් මොස්කව් පාලනය වෙතින් කල ඇති ඉල්ලීම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න