අපි කොපමණ ධනාත්මක යෝජනාවත් කළ ද ආණ්ඩුව බාල ගල් අඟුරු ගෙනවිත් එම පීඩාව ජනතාව මත පටවා ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (26) මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ...
බාල ගල් අඟුරු පාඩුව රුපියල් ට්‍රිලියනයක්
''අපි ඉතාමත් ධනාත්මක යෝජනාවක් තමයි කරේ බාල ගල් අඟුරු ගේන්න එපා කියලා. ඇහුවෙ නෑනෙ බාල ගල් අඟුරු ගෙනාවා. ඉතිං අපි කොච්චර ධනාත්මක යෝජනාවත් කරත් ආණ්ඩුව බාල ගල් අඟුරු ගෙනල්ලා ඒ පීඩාව ජනතාව මත පැටෙව්ව ම මොනවා කරන්න ද...? අපි ධනාත්මක යෝජනාවක් තමයි කරේ බාල ගල් අඟුරු ගේන්න එපා කිව්වා පුනර්ජනනීය බලාගාර හරවල යැව්වේ ඇයි කියලා ඇහුවා. අපි ආණ්ඩුවට කිව්වා කවුරු ආයෝජකයන් ගෙනාවත් කමක් නෑ අර මන්නාරාමේ සුළං විදුලි බලාගාරය හදන්න කියලා. ඒවා හරවලා යැව්වා. ඉතින් කොච්චර ධනාත්මක යෝජනාවල් ගෙනාවත් අර කූඩැල්ලා මෙට්ටෙ තියන්න බෑනේ. අහන්නෙ ම නෑ නේ. බාල ගල් අඟුරු ම ගෙනාවා. අපි ඕක කිව්වා. ඒ පාඩුව දැන් රුපියල් ට්‍රිලියනයක්. ගිණුමේ තියෙනවා නම් ඒ පාඩුව ඒකෙන් පියවගන්නකෝ. අහිංසක දුප්පන් මිනිස්සුන්ගේ පිටට ඒ පාඩුවක් දාලා තෙල් මිලත් වැඩි කරනවා, විදුලි බිලත් වැඩි කරනවා. ඉතින් සාධාරණ නෑනේ.
මාලිමාව බලයට ගෙනාවෙ ජාත්‍යන්තර බලවේග
ආණ්ඩුව එක පැත්තකින් සම්පූර්ණයෙන් තමන් ගේ දේශපාලන යාන්ත්‍රණයක් බවට රටේ පොලිසිය පත්කරලා තියෙනවා. ඒ තුළ බලහත්කාරයෙන් සාක්කි හදන්න හදනවා විතරක් නෙවෙයි අද ආණ්ඩුවේ හැසිරීම බැලුවම තමන් ගේ නොහැකියාව වහගන්න රටේ ජනතාවට මේ තරම් ප්‍රශ්න තියෙනවා ලෝකය දැවැන්ත අර්බුදයකට මුහුණ දෙනවා. දැන් මේ ජනතාව මුහුණ දෙන අර්බුද පැත්තක තියලා ආණ්ඩුව උත්සාහ කරන්නේ තමන් ගේ දේශපාලන වාසිය ගන්න. මම හිතන්නේ ජාත්‍යන්තර මැදිහත්වීමක් පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ නැති උනත් ජාත්‍යන්තරය සමහර සංවිධාන මේ පිළිබඳව අවබෝධයෙන් ඉන්න ඕන. මොකද ඒ සංවිධාන තමයි මේ අයව බලයට ගේන්න පාර හැදුවේ. තමන් බලයට ගෙනාපු අය මෙහෙමයි කියන එක ඒ අය දැනගන්න ඕන.
එළියට ආපු තෙල් බවුසර් ගියපු තැනක් නෑ
කෝවිඩ් 19 වසංගතයක් ඇවිල්ලා රුසියා යුක්රේන යුද්ධය පටන් ගත්තම ලෝක වෙළඳපොලේ බොරතල් බැරල් එකක ඩොලර් 139ක් දක්වා ඉහළ නගින කොට එදා හිටපු ජේවිපී එක හැසිරිච්ච විදියයි ඒ අය ගේ සාමාජිකයෝ තෙල් පෝලිම්වල හැසිරිච්ච විදියයි බලන්න. තෙල් බවුසර් එළියට ගෙනල්ලා අද විගණන වාර්තාවෙන් සනාථ වෙලා තියෙනවා එළියට ආපු තෙල් බවුසර් ගියපු තැනක් නෑ කියලා. ඉතිං එවැනි කඩාකප්පල්කාරී දේශපාලනයක් අද විපක්ෂය කරන්නේ නැහැ.හැබැයි එහෙම තියෙද්දිත් අද ආණ්ඩුව උත්සාහ කරනවා විපක්ෂය මර්ධනය කරමින් තමන්ගේ දේශපාලනය කරන්න. තමන්ගේ අතින් වැරද්දක් වෙලා නැත්තන්, කට උත්තර බය කරලා ලියාගෙන නැත්නම්, පොලිපතිවරයා පැලවත්තේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ කරගෙන නැත්නම්, තමන් හිතනවා නම් ආයතන ස්වාධීනව කටයුතු කරනවා කියලා තමන් පත් කරපු ජාත්‍යන්තර සංවිධානවලට ඔය විදිහට ම කියන්න පුළුවන්. හැබැයි ඇයි ආණ්ඩුව කලබල වෙලා තියෙන්නේ. ආණ්ඩුව කලබල වෙලා තියෙන්නේ තමන්ට වියහියදම් කරපු ඩයස්පෝරාවේ අයව සතුටු කරන්න. තමන් ගත්තු තීන්දු පිළිබඳව සහ තමන්ගේ නොහැකියාව ඒ අය දැනගන්නවට ආණ්ඩුව අකමැති ඇති. හැබැයි පැහැදිලිවම අපි ආණ්ඩුවට කියන්නේ මේ වෙලාවේ රටේ ජනතාවට විශාල අභියෝගයක් තියෙනවා. කෝවිඩ් 19 වසංගතය වෙලාවේ මේ රටට ඇති වෙච්ච අභියෝගය මීට වඩා අභියෝගයක්. මොකද ලෝකය ම වැහිලා තිබිච්ච වෙලාවක් ඒක. මොකද රුසියා යුක්රේන යුද්ධය ආරම්භයත් එක්ක ලෝකයේ තෙල් මිල ඉහළ යාම සහ ඒ ගමනාගමනයන්ට ඇති වෙච්ච හානියත් එක්ක අපිට මුහුණ දෙන්න වෙච්ච අභියෝගය හා සමානව නැත්නම් අඩු අභියෝගයකට මේ ආණ්ඩුව මුහුණ දෙන්න වෙන වෙලාවේ ඔවුන් හැසිරිච්ච විදිහට අපි හැසිරෙන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුවට ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ.
සජිත්ට පුළුවන් ද බැරිද අපිට අදාළ නෑ
සමගි ජනබලවේගයට කියන්න බෑනේ නාමල් රාජපක්ෂ ඊළඟ නායකය කියලා. තමන් ගේ පක්ෂේ කෙනා ඊළඟ නායකයා කරන්න හැමෝම මහන්සි වෙන්න ඕනේ. ඒක හොඳ දෙයක්. තමා ගේ පක්ෂයේ කෙනා නායකයා කරන්න පක්ෂය මහන්සි වෙනවා කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සිද්ධ වෙනවා. හැබැයි අවසානයේ ජනතාව තීන්දු කරයි ජනතාව ගේ නායකයා කවුද කියලා. සජිත්ට පුළුවන්ද බැරිද දැන් ඔය අනුර මහත්තයටත් පුළුවන් කියලනේ ගෙනාවේ. ඉතින් පුළුවන්ද බැරිද කියන එක තමන් ගේ ක්‍රියාව මත ජනතාව තීන්දු කරයි. ඒක වෙනත් දේශපාලන පක්ෂයකට තීන්දු කරන්න බෑ. ඉතින් මගේ උත්සාහය වෙන්නෙ; මේ වෙලාවේ රටේ ජනතාව මුහුණ දීලා තියෙනවා අභියෝගයක්; ගෝලීය වශයෙන් යම් අභියෝගයක් තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවල දී අපේ පක්ෂය කොහොමද හැසිරෙන්න ඕන ඒ වගේම වගකීමකින් අපේ පක්ෂය හැසිරෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ අනුව අපේ දේශපාලනය අපි කරනවා. ඉතින් අනිත් දේශපාලන පක්ෂ ගැන හොයන්න යන්නේ නැහැ මම ඒ නිසා.
ඉතින් එකසිය පනස් නම දෙනා හෝදන්නේ කොහොමද කියලා අපි දන්නේ නෑ. පොදු ජන පෙරමුණ තමයි මේ රටේ දේශපාලනඥයෝ යුද්ධයෙන් බොරදියේ මාළු බාපු යුගය අවසන්කරේ. ඒ හින්දා අපි ඒකෙ තියෙන වේදනාව, ඒකේ තියෙන පීඩනය අපි දන්නවා. ඒක හින්දා අපි දන්න වේදනාව පීඩනය වෙන කෙනෙක්ට දෙන්නෙ නෑ. අපි පැහැදිලිවම බලන් ඉන්නවා ආණ්ඩුව මොන තීන්දු තීරණද ගන්නේ කියලා. අපේ දේශපාලන පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුළේ ගම්වල දේශපාලනය කරනවා.''

