ජනපති බයිඩ්න්, කමලා හැරිස්ට ජනපති ධූරයේ බලය දෙයි

ජනපති බයිඩ්න්, කමලා හැරිස්ට ජනපති ධූරයේ බලය දෙයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සිය ජනාධිපති ධුරයේ බලතල තාවකාලිකව එරට උප ජනාධිපති කමලා හැරිස් වෙත පැවරීමට කටයුතු කර තිබේ.

ඒ ජනාධිපතිවරයා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු වීම හේතුවෙනි.

ඒ අනුව අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස්, එලෙස තාවකාලිකව බලය පැවරෙන පළමු කාන්තාව බවට පත් වනු ඇති.

හැරිස් මහත්මියට අමෙරිකාවේ යුද සහ න්‍යෂ්ටික අවි පාලනය පිළිබඳ බලතල හිමි වීම ද විශේෂත්වයකි.

හෙට (20) දිනයේ 79 වන උපන්දින සමරන ජෝ බයිඩ්න් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෙලෙස වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු වන පළමු අවස්ථාව මෙයයි.

මේ අතර ධවල මන්දිර ප්‍රකාශිකාව උපුටා දක්වමින් විදසේ මාධ්‍ය වාර්තා කරන්නේ, උප ජනාධිපතිනිය මෙම කාලය තුළ ඇයගේ කාර්යාලයේ සිට ම සේවය කරනු ඇති බවයි.

කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක් යටතේ තාවකාලික බලතල පැවරීම එක්සත් ජනපද ව්‍යවස්ථාවේ දක්වා ඇති ක්‍රියාවලියේ කොටසක් බව ද ධවල මන්දිර ප්‍රකාශිකාව වැඩිදුරටත් පවසා තිබේ.

57 හැවිරිදි හැරිස්  අමෙරිකාවේ උප ජනාධිපති ලෙස තේරී පත් වූ පළමු කාන්තාව මෙන්ම කළු ජාතික සහ ආසියානු – අමෙරිකානු සම්භවයක් සහිත කාන්තාව ද වන්නී ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න