ගජමිතුරු සැළකිල්ල නිසා ජපන් අගමැතිත් අමාරුවේ

ගජමිතුරු සැළකිල්ල නිසා ජපන් අගමැතිත් අමාරුවේ

ජපන් රජයට අයිති ඉඩමක් සිය බිරිඳගේ හිතවතෙකුට විශාල වට්ටමක් සහිතව ලබාදීම සම්බන්ධව එල්ලවන චෝදනාව වෙනුවෙන් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියි.

ජපානයේ පාසල් ක්ෂේත්‍රයේ කටයුතු කරන්නෙකු හට මෙසේ සහන වට්ටමක් සහිත ඉඩම ලබාදී ඇත.

මේ සම්බන්ධව අද පැවති (25) එරට කම්කරු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ වාර්ෂික සම්මේලනයට එක්වෙමින් සමාව ඉල්ලීම සිදුකළේය.

එහෙත් ඒ ආසන්නයට පැමිණ සිටි විරෝධතා කරුවන් සඳහන් කර සිටියේ අදාළ චෝදනාව මත ෂින්සෝ අබේ අග්‍රාමාත්‍යධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවය. එසේම එම විරෝධතා කරුවන් පාලනය කිරීම සඳහා කැරළි මර්දන පොලීසිය ද කැඳවා තිබුණි.

ජනතාවගෙන් සමාව ඉල්ලමින් අදාළ ප්‍රශ්නය හේතුවෙන් පාලනය පිළිබඳ ජනතා විශ්වාසය හීනවී ඇති බව පිළිගන්නා බවත් ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස තමන්ට එහි වගකීම දැනෙන බවත් සඳහන් කර ඇත.

එසේම අදාළ ප්‍රශ්නය සම්බන්ධව කරුණු පැහැදිළි කිරීමක් සිදුකරන්නට සහ නැවත එවැනි සිදුවීමක් සිදුනොවීමට වගබලා ගන්නා බවට ජපාන අග්‍රාමාත්‍යවරයා පොරොන්දුවී ඇත. එහෙත් විරෝධතා කරුවන් සඳහන් කරන ඉල්ලා අස්වීම සම්බන්ධව කිසිවක් අග්‍රාමාත්‍යවරයා පවසා නැත.

විදෙස් වාර්තා පවසන්නේ අග්‍රාමාත්‍යවරයාගේ ජනප්‍රියත්වය මේ වනවිට ශීඝ්‍රයන් පහත වැටී ඇති බව ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න