උතුරු කොරියානු නායකයාගේ චීන සංචාරය ගැන අනාවරණයක්

උතුරු කොරියානු නායකයාගේ චීන සංචාරය ගැන අනාවරණයක්

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් චීනයේ බේජිං නගරයට ගොස් තිබෙන බව චීනයේ 'ෂින්හුආ' (Xinhua)රාජ්‍ය පුවත් සේවය තහවුරු කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එහිදී උතුරු කොරියානු නායකයා චීන ජනාධිපතිවරයා හමුවී ඇමෙරිකා එක්සත් ජනපදයත් සමඟ සාකච්ඡා කිරීම සඳහා කිම් ජොන් උන් සිය සූදානම තහවුරු කළ බවත් එසේම උතුරු කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික විරහිත කලාපයක් බවට පත් කරනු ලැබීම සඳහා ඔහුගේ කැපවීම ප්‍රකාශයට පත් කර තිබෙන බවත් එම වාර්තා අනාවරණය කර සිටියි.

ඒ අනුව අප්‍රකාශිත මට්ටමින් චීන ජනාධිපතිවරයා හමු වූ බව මේ වනවිට තහවුරු කරනු ලැබ තිබෙන අතර .උතුරු කොරියාවේ නායකයා චීනයේ සංචාරය කළ බවට තිබු අවිනිශ්චිතාවද විසඳී ඇති බව විදෙස් වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.

මෙම සංචාරයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ වසර හතකට පෙර උතුරු කොරියාවේ පාලනය පැවරුණ කිම් ජොන් උන් ඉන් අනතුරුව සිදු කරන ලද පළමු විදේශ සංචාරය මෙය වීමය.

එසේම මෙම සංචාරය උතුරු කොරියානු නායකයා සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡාවක් ආරම්භ වීමට පෙර සිදුවීම ගැනත් ජාත්‍යන්තරයේ අවධානය යොමුව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න