ඇමරිකා - රුසියානු සබඳතා නරක අතට !

ඇමරිකා - රුසියානු සබඳතා නරක අතට !

ඇමෙරිකානු තානාපති නිලධාරීන් හැටක් (60) රටින් නෙරපා හැරීමටත් පීටර්ස්බර්ග්' නගරයේ පිහිටි එක්සත් ජනපද 'කොන්සල්' කාර්යාලය වසා දැමීමටත් රුසියාව නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එම මාධ්‍ය වාර්තා අනුව රුසියාව මෙම තීන්දුව ගෙන තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් රුසියාවේ තානාපති නිලධාරීන් කණ්ඩායමක් එරටින් නෙරපා හරිනු ලැබීම සම්බන්ධයෙන් එකට එක කිරීමක් වශයෙනි.

ඇමරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිර ප්‍රකාශකයකු රුසියාවේ මෙම තීරණය සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබෙන්නේ රුසියාවේ ප්‍රතික්‍රියාව තමන් අපේක්ෂා කළ එකක් බවත් මේ හේතුවෙන් රුසියානු ඇමරිකා සම්බන්ධතා තවදුරටත් පළුදු වනු ඇති බවයි.

මේ ආකාරයට රුසියාව පසුගිය සාමය තුළ එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා හවුලට අයත් රටවල් රැසක් මෙන්ම ඔස්ට්‍රේලියාව වැනි රටවල් කිහිපයක්ම සමඟ රාජතාන්ත්‍රික සම්බන්ධතා අර්බුදයට යවා ගනිමින් සිටින අතර ඊට මුල්වී ඇති හේතුව වන්නේ කේජීබී රහස් ඔත්තු අංශයේ හිටපු නිලධාරියකු වූ සෙර්ගේයි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණිය 'යූල්යා' එක්සත් රාජධානියේ 'සැලිස්බරි නගරයේ දී ගොදුරු වූ විස රසායන ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාවට ඇඟිල්ල දිගුවීමය.

මේ සමඟ ඇතිවූ රාජතාන්ත්‍රික අර්බුදය මත රුසියාවේ තානාපති නිලධාරීන් විවිධ සංඛ්‍යා මට්ටමින් එම රටවලින් නෙරපා හැරීමට කටයුතු යෙදුන අතර ඊට ප්‍රතිචාර දැක්වමින් රුසියාවද අදාළ රටවල තානාපති නිලධාරීන් නෙරපන්නට කටයුතු කරනු ලැබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න