සකර්බර්ගෙන් පැය 10ක් ප්‍රශ්න කරයි

 සකර්බර්ගෙන් පැය 10ක් ප්‍රශ්න කරයි

ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් වෙතින් 12 වනදා පැය 10කට ආසන්න කාලයක් අමෙරිකානු සෙනෙට් සභාව ප්‍රශ්නකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී සෙනට් සාමාජිකයන් වැඩි අවධානයක් යොමුකර ඇත්තේ ෆේස්බුක් භාවිත කරන්නන්ගේ දත්ත කොතෙක් දුරට ෆේස්බුක් සමාගම විසින් ලබාගෙන ඇත් ද යන්න සම්බන්ධවය.

දත්තවල ආරක්ෂාව සම්බන්ධ සිය වගකීම ගැන පුළුල් අදහසක් නොතිබීම පිළිබඳ එහිදී ෆේස්බුක් ප්‍රධානියා කණගාටුව පළකර තිබෙන අතර ඊට සමාව අයදින බවද එම ගැටළු විසඳීමට පියවර ගන්නා බවටද ප්‍රතිඥාවක් දීමටද සකර්බර්ග් කටයුතු කර ඇත.

එසේම ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය අනිසි ලෙස යොදා ගැනීමට උත්සාහ දරන රුසියාවේ හැකර්ලා සමග නිරන්තර අරගලයක නිරත වෙමින් සිටින බවත් එම ප්‍රශ්න කිරීම් හමුවේ සකර්බර්ග් සඳහන් කර ඇති අතර එය ආයුධ තරඟයකට සමාන බවත් ඔවුන් නිරන්තරයෙන් අලුත් ක්‍රමයක් සොයාගන්නා බවත් ඔහු පවසා ඇත.

දෙවන වරටත් ඇමරිකානු සෙනට් සභාව මේ ආකාරයට ෆේස්බුක් සමාගමේ ප්‍රධානියා කැඳවා ප්‍රශ්න කර සිටියේ ලන්ඩනයේ පිහිටි කෙම්බ්‍රිජ් ඇනලිටිකා නමැති දේශපාලන උපදේශන සමාගම ෆේස්බුක් ගිනුම් හිමිකරුවන්ගෙන් මිලියන 50කගේ පමණ පෞද්ගලික දත්ත අවසරයකින් තොරව භාවිත කිරීම ගැන විමර්ශනය පදනම් කරගෙනය.

එසේම 2016 ඇමෙරිකානු ජනාධිපතිවරණයට රුසියාව බලපෑම් කළේ ද යන්න පිළිබඳ පරීක්ෂා කරන විශේෂ පරීක්ෂක රොබට් මලර් (Robert Mueller) ෆේස්බුක් ආයතනයේ සේවකයන්ගෙන් ද කරුණු විමසූ බවත් එහිදී සකර්බර්ග් අනාවරණය කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න