සල්මන් ඛාන්ට ඇප

සල්මන් ඛාන්ට ඇප

වසර 05ක සිර දඬුවම් නියම වූ බොලිවුඩ් නළු සල්මන් ඛාන් ඇප මත මුදා හැර ඇත.

ජෝද්පූර් දිස්ත්‍රික් අධිකරණයක් විසින් ඇප ලබා දී ඇති අතර, ඉන්දීය රුපියල් 250000ක ඇප මත ඔහු නිදහස් කිරීමට අධිකරණය නියෝග ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1998 වසරේ සිනමා පටයක රූගත කිරීම් අතරතුර දුර්ලභ ඝණයේ මුවන් දෙදෙනෙකු මරා දැමීමේ චෝදනාවට වරදකරු වූ සල්මන් ඛාන්ට පසුගිය බ්‍රහස්පතින්දා වසර 5ක සිර දඬුවම් නියම කෙරිණි.

සල්මන් ඛාන් ගේ නඩු දිනය වන අද දිනයේදී ඔහුගේ සොයුරියද පැමිණ ඇති අතර, මෙලෙස ඇප ලැබීමෙන් සතුටට පත් සල්මන් ඛාන්ගේ රසික රසිකාවියන් ඔහුගේ නිවස ඉදිරිපිට ප්‍රීති ඝෝෂා පවත්වන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

187866 3

187866 2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න