ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජයට එරෙහිව එරට විපක්ෂය විසින් පාර්ලිමේන්තුව වෙත විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මනිපූර් ප්‍රාන්තයේ ඇතිවී තිබෙන ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් විපක්ෂය සමග ඇතිවී තිබෙන ගැටුම මධ්‍යයේ එරට කොන්ග්‍රස් පක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව සභාගත කර ඇති බව ය.
මෝදි රජයට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් හිමි බැවින් ඔවුන් ඉන් පරාජයට පත් නොවනු ඇතැයි එම වාර්තා සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, විපක්ෂ නායකයන් සඳහන් කර ඇත්තේ, මෙම පියවර මනිපූර් සිදුවීම පිළිබඳව ආමන්ත්‍රණය කිරීමට අගමැති මෝදිට බල කෙරෙනු ඇති බව ය.
බහුතර මෙයිති ප්‍රජාව සහ ගෝත්‍රික කුකී සුළුතරය අතර මැයි මාසයේදී ප්‍රාන්තය තුළ ඇති වූ වාර්ගික ගැටුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරන ලෙසට ඔවුන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
