Image

වෛද්‍ය මහේෂි විජේරත්න ගේ දියණියට එරෙහි නඩුව ජූලි 21 තෙක් කල් තබයි

වෛද්‍ය මහේෂි විජේරත්න ගේ දියණියට එරෙහි නඩුව ජූලි 21 තෙක් කල් තබයි

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට බැණ තර්ජනය කර රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් වන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න සැකකාරිය ගේ දියණියට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන ජූලි මස 21 තෙක් කල් තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඊයේ (5) නියෝග කළේ ය.

අද දින නඩුව විභාගයට නියමිතව නඩුව කැඳවූ අවස්ථාවේ දී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අල්ලස් කොමිසම සමග ඕනෑම කොන්දේසියක් යටතේ සමථයකට සූදානම් බවට සිදු කළ දැනුම් දීමට අනුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේ ය. ඒ අනුව අල්ලස් කොමිසම සමග සාකච්ඡා කර අධිකරණයට දැනුම් දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කරමින් විභාගය සඳහා නඩුව ඉදිරි දින තෙක් කල් තබන ලෙස නියෝග කළේ ය.

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබූ නේවාසික රෝගීන්ට ස්නායු ශල්‍ය උපකරණය වැඩි මිලට විකිණීමෙන්, දූෂණය නම් වරද සිදු කරන ලදැයි කියන විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න සැකකාරිය ගේ දියණිය වන ඇප මත මුදා හැර සිටින හේමාලී විජේරත්න චෝදනා සම්බන්ධයෙන් නිවැරදිකාරිය බව සඳහන් කර විභාගය සඳහා නියමිත ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න