ජපාන අධිරජු සිහසුනට සමු දෙයි. නව අධිරජු සිහසුනට

ජපාන අධිරජු සිහසුනට සමු දෙයි. නව අධිරජු සිහසුනට

වසර 200කට මෙහා ඉතිහාසය තුළ සිය ජීවන කාලය තුලදී අධිරාජ්‍ය ධූරයෙන් සමුගන්නා එකම අධිරාජ්‍යයා බවට පත් වෙමින් ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා අද දින සිය ධූරයෙන් සමු ගැනීමට නියමිතය. ඔහුගේ සමු ගැනීමෙන් හිස් වන අධිරජ තනතුර අකිහිතෝ අධිරාජ්‍යයාගේ වැඩිමහල් පුත් නරහිතෝ කුමරු වෙත පැවරීමද අද දින සිදු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

85 වියැති අකහිතෝ අධිරාජ්‍යයාගේ සමු ගැන්ම මෙන්ම 59 වියැති නරහිතෝ අධිරාජ්‍යයාගේ සම්ප‍්‍රාප්තියද ජපානයේ ටෝකියෝ නුවරදී අද සවස 4.30ට ඉතා උත්කර්ෂවත් අයුරින් සැමරීමට කටයුතු කර ඇත.

නව අධිරාජයා ලෙස පත් වන නරහිතෝ කුමරු 1960 පෙබරවාරි 23 වනදා උපත ලබා ඇති අතර ජපානයේ ගුකුෂුයින් සරසවියේ උපාධිය ලාභියෙක්ද, ඔක්ස්ෆර්ඩ් සරසවියේ විද්‍යාර්ථයෙක්ද වේ.

ජල කළමනාකරණය පිළිබඳ දවිද්වතෙකුද වන නරහිතෝ කුමරු 2007 සිට ජල හා සනීපාරක්ෂාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගේ උපදේශක මණ්ඩලයෙහි ගෞරවණීය සභාපති ලෙස ද කටයුතු කර ඇත. තවද මෑත කාලයේදී ඔහු ජාත්‍යන්තර පාරිසරික ගැටලු පිළිබද සක්‍රියව කටයුතු කළ අයෙක් ලෙසද පෙන්වා දිය හැකිය.

ෂින්ටෝ බෙටිටි අමටරසු වෙතින් උපත ලැබුවේ යැයි විශ්වාස කරන ජපන් අධිරාජ්‍යය, එක්සත් රාජධානිය, නෝර්වේ සහ ස්පාඤ්ඤය ආදී රටවල රාජකීයයන් විසින් ඉටු කරන ලද භූමිකාව මෙන් දේශපාලන භූමිකාවක් නොව ඉන් බොහෝ දුරට බැහැරවූ චාරිත්රානුකූල හා ඒකාබද්ධ වූ චරිතයකි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න