ඉන්දියාවේ නවදිල්ලි නගරයේ කර්මාන්තශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 40 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගින්න හටගෙන තිබෙන්නේ ගමන් මළු නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක ය.
අද අළුයම හටගත් මෙම ගින්නෙන් මිය ගිය සියලු දෙනා එහි සේවය කළ කම්කරුවන් ය.
ගින්න පාලනය කිරීමට අපහසු වී තිබෙන්නේ අන්ජා මන්දි ප්‍රදේශයේ පිහිටා තිබූ මෙම කර්මාන්තශාලාවට ළඟා වීම, පටු මාර්ග හේතුවෙන් අසීරු වූ හෙයිනි.
ගින්න ඇතිවීමට හේතුව හෝ ගින්නෙන් විපතට පත් අවසන් සංඛ්‍යාව තවම තහවුරු වී නැත. බේරාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
