ඉරාන නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා

ඉරාන නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා

ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ හේතුවෙන් සියලු සැණකෙලි සහ පාපන්දු තරගාවලි අවලංගු කර පළාත් රැසක පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීමට ඉරානය පියවර ගෙන ඇත.

අමෙරිකානු සම්බාධක හේතුවෙන් වෛරසය මැඩපැවැත්වීමට අවශ්‍ය මුහුණු ආවරණ සහ ඖෂධ ආනයනය දුෂ්කර වී ඇති බවට ඉරානය චෝදනා කරයි. 

ඇෆ්ඝනිස්ථානය, ඉරාකය, කුවෙට්, බහරේනය සහ ඕමානයෙන් ද මේ සතියේ වෛරසය ආසාදනය වූවන් පිළිබඳ මුල්වරට වාර්තා වූ අතර ඒ සියලු ආසාදිතයන් ඉරානයේ සංචාරය කර තිබුණි.

ඉතාලියේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 320 ඉක්මවා ඇති අතර මේ වනවිට උතුරේ සිට එරට දකුණු දිග ප්‍රදේශ දක්වා ද වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බව සඳහන් ය.

වෛරසය පැතිරයාම හමුවේ ඉතාලි ආර්ථිකයෙන් 13% ක ප්‍රතිශතයකට හිමිකම් කියන සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ද වාර්තා වේ.

මේ වනවිට චීනයෙන් පිටත වෛරසය ආසාදනයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 36 ඉක්මවා ඇති අතර චීනයෙන් පිටත වෛරසය ආසාදනය වූවන් වාර්තා වූ රටවල් සහ භූමි ප්‍රදේශ සංඛ්‍යාව 30 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න