කොළඹ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ දෙවන අදියර ඇරඹේ

කොළඹ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ දෙවන අදියර ඇරඹේ

කොළඹ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ දෙවන අදියර පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ පළමු අදියර පසුගිය වසරේ සැප්තැම්බර් මස ආරම්භ වූ අතර ආයෝජකයන්ගේ කොටස් ගනුදෙනු ක්ෂණිකව තහවුරු කිරීම, සාංගමික ක්‍රියාකාරකම් පිළිබඳ ආයෝජකයා දැනුවත් කිරීම හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමිකර දීම එහි අරමුණ විය.

ඩිජිටල්කරණය හඳුන්වා දීමත් සමග කොටස් වෙළෙඳපොළ තොරතුරු භාගත කිරීම වේගවත්වීම නිසා නව ආයෝජකයන් 65000ක් ඉක්මවමින්, නව මධ්‍යම තැන්පතු ක්‍රම (CDS) ගිණුම් 17,000ක් විවෘත කෙරුණු බව කොටස් වෙළෙඳපොළ පාලන අධිකාරිය පෙන්වා දුන්නේය.

ඩිජිටල්කරණයත් සමග ආයෝජකයන්ට ලෝකයේ ඕනෑම තැනක සිට සිංහල,දෙමළ හෝ ඉංග්‍රීසී භාෂාවන්ගෙන් ගනුදෙනු කළ හැකිවීම, මාසික ප්‍රකාශන ලබාගැනීම, තොරතුරු හුවමාරුව හා වෙනස් කිරීම මෙන්ම දේශීය සමාගම්වලට ගිණුම් විවෘත කිරීමේ අවස්ථාව හිමි වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න