2024 පළමු කාර්තුවේ ද.දේ.නි වර්ධනය 5.3% ක් !

2024 පළමු කාර්තුවේ ද.දේ.නි වර්ධනය 5.3% ක් !

2024 වර්ෂයේ පළමු කාර්තුවේ දී මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 5.3%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇති අතර ඊට  අනුව 2023 වසරේ පළමු කාර්තුවේ ස්ථාවර මිල ගණන් යටතේ රුපියල් මිලියන 3,161,963ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය 2024 වසරේ පළමු කාර්තුවේ දී රුපියල් මිලියන 3,329,583ක් ලෙස වාර්තා වී ඇත.

එසේම 2024 වසරේ පළමු කාර්තුවේ කෘෂිකාර්මික, කාර්මික හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් 1.1%, 11.8%ක් හා 2.6ක් ලෙස ධන වර්ධනයක් වාර්තා කර ඇති බවද නිවේදනයේ දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න