Image

ජනපති සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ (CHEC) සභාපති අතර හමුවක්

ජනපති සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ (CHEC) සභාපති අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ (China Harbour Engineering Company - CHEC) සභාපති BAI YINZHAN ඇතුළු නියෝජිතයින් අතර හමුවක් ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ "සෘජු සහ දැක්මක් සහිත නායකත්වය" හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට තමන්ට දැඩි විශ්වාසයක් ඇති වී තිබෙන බව චයිනා හාබර් සමාගමේ සභාපති BAI YINZHAN පැවසීය.  

 

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

chinaharberd

විශේෂයෙන්ම වරාය නගර විශේෂ ආර්ථික කලාපය සඳහා ලබා දී ඇති දිරිගැන්වීම් පිළිබඳව සිය කෘතඥතාව පළ කළ සභාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරභාවයට පත්ව තිබීමද අගය කළේ ය.   

රටේ ආර්ථික වර්ධනය සඳහා සෘජු විදේශ ආයෝජන (FDI) අත්‍යවශ්‍ය සාධකයක් බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට රජය කැපවී සිටින බවද සඳහන් කළේය.

 

සුබදායක ආයෝජන සඳහා රජයෙන් ඉහළ ම සහයෝගය

chi2

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතා මත රජය ප්‍රතිපත්තිමය ස්ථාවරභාවයකට පැමිණ ඇති බවත්, එම ස්ථාවරභාවය මත සිට ආයෝජකයින්ට හිතකර දිශාවකට කටයුතු කරන බවත් වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතිවරයා රටට සුබදායක වන ආයෝජන සඳහා රජයෙන් ලබා දිය හැකි ඉහළ ම සහයෝගය නිරන්තරයෙන් ලබා දෙන බවත්, විශේෂයෙන්ම වරාය නගර කලාපය සංවර්ධිත ආර්ථික කලාපයක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවත් ප්‍රකාශ කළේය.  

එමෙන්ම, දිට්වා සුළි කුණාටුව හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ දී චයිනා හාබර් ඉංජිනේරු සමාගම දැක්වූ සහාය ද මෙහි දී ජනාධිපතිවරයා ගේ කෘතවේදී ඇගයීමට ලක් විය.

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන අය සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සාමාන්‍යාධිකාරී SU BO මහතා ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න