Image

දේශපාළුවන් මතු නොව ඔවුන් ගේ දරුවෝ ද මංකොල්ලකරුවෝ ද...?

දේශපාළුවන් මතු නොව ඔවුන් ගේ දරුවෝ ද මංකොල්ලකරුවෝ ද...?

1977 වසරෙන් පසු එළඹි යුගය තුළ පොදුවේ ''රට'' යම් පමණකට සංවර්ධනය වුව ද, එලෙස සංවර්ධනයට යෙද වූ මුදලට වඩා සිය දහස් ගුණයක මුදලක් ඉතා සූක්ෂ්ම අනදමින් කොල්ලකන්නට රාජ්‍ය පාලකයෝ සමත් වූහ.

මෙලෙස මංකොල්ල කෑම ආරම්භයේ දී පාලක පෙළැන්තියේ දේශපාළුවන්ට පමණක් සීමා වූ තිබූ අතර අවසන: රාජ්‍ය නිලධාරීන් ගේ සිට ප්‍රාදේශී සභා මන්ත්‍රී තනතුර දක්වා විහිද ගියේ ය; එය මේ වන විට හිටපු ඇතැම් ජනපතිවරුන් ගේ පුත්‍රයින් දක්වා පැතිර ගොස් ඇත.

මතු පළ වන්නේ මේ සම්බන්ධයෙන් npp පැරකුම්පුර ගජබාපුර නමැති පුද්ගලයා මේ සම්බන්ධයෙන් සිය face book පිටුවෙහි පළ කර තිබූ සටහනකි.

දැනට මේ සියලු සිදුවීම් පිළිබඳ වමර්ශන සිදුවෙමින් පවතින බව ද හෙතෙම පවසයි.

කොටස 01: දිනේෂ් ෂාෆ්ටර් මරණය සහ බිලියන 2ක මූල්‍ය ගනුදෙනුව

c0bc4170 7de1 11ed b344 b1099473cdf5.jpg 1ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්

ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය සියදිවි නසාගැනීමක් නොව සැලසුම් සහගත ඝාතනයක් බවට කරුණු රැසක් අනාවරණය වෙමින් පවතී. මෙම සිදුවීම පසුපස මෙරට ප‍්‍රමුඛ පෙළේ දේශපාලනඥයින් ගේ දරුවන් සහ මූල්‍ය ගනුදෙනු සම්බන්ධ අඳුරු ක‍්‍රියාවලියක් පවතින බව හෙළි වී තිබේ. චන්ද්‍රා ෂාෆ්ටර් සහ දිනේෂ් ෂාෆ්ටර් ඇතුළු පවුලේ සාමාජිකයින් සිදු කළ ප‍්‍රධානතම ව්‍යාපාරික කටයුත්තක් වූයේ ඉදිරිපත් කෙරෙන විවිධ ව්‍යාපෘති සඳහා අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන සැපයීමයි. එහිදී අදාළ ව්‍යාපෘතිය ඇපයට තබා ගනිමින් ඔවුන් විසින් මුදල් මුදාහැරීම සිදුකරනු ලබයි.

මේ ආකාරයේ රුපියල් බිලියන දෙකක දැවැන්ත ව්‍යාපෘති වාර්තාවක් දිනේෂ් ෂාෆ්ටර් වෙත ඉදිරිපත් කෙරෙන්නේ ප‍්‍රකට ක‍්‍රිකට් විචාරකයකු වන බ‍්‍රයන් තෝමස් හරහා ය.

1671196806 thomas Lප‍්‍රකට ක‍්‍රිකට් විචාරකයක බ‍්‍රයන් තෝමස්

ඔහු මෙහි දී තැරැව්කරුවකු හෙවත් මැදිහත්කරුවකු ලෙස කටයුතු කර ඇති අතර මෙම ගනුදෙනුව සාර්ථක කරදීම වෙනුවෙන් ඔහුට විශාල කොමිස් මුදලක් හිමිවීමට නියමිතව තිබුණි. මෙම බිලියන 2ක ව්‍යාපෘතිය බ‍්‍රයන් තෝමස්ට ලබා දී ඇත්තේ හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ ගේ පුත් රඛිත රාජපක්ෂ ය. මෙම ව්‍යාපෘතිය පිටුපස රඛිත රාජපක්ෂ සමඟ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ගේ පුත් දහම් සිරිසේන ද සමීපව කටයුතු කර ඇති බව හෙළිව තිබේ.

RAKITHA AND DHAHAMරඛිත රාජපක්ෂ (වම) සහ දහම් සිරිසේන (දකුණ)

මෙම දේශපාලන ප‍්‍රභූ පුත‍්‍රයින් දෙදෙනා එක්ව අදාළ සමාගම මෙහෙයවා ඇති අතර ව්‍යාපෘති වාර්තාව පෙන්වා දිනේෂ් ෂාෆ්ටර් වෙතින් බිලියන දෙකක මුදලක් ලබාගෙන ඇත. අනාවරණය වන තොරතුරුවලට අනුව මෙම ව්‍යාපෘතියට අදාළව මුලින් රුපියල් කෝටි 20 ක මුදලක් ඉල්ලා තිබුණ ද පසුව එය කෝටි 12ක් දක්වා අඩු කර ලබාගෙන ඇත. දැනට පවතින නීතිමය ක‍්‍රියාමාර්ග හමුවේ රඛිත රාජපක්ෂට මෙම ලබාගත් රුපියල් කෝටි 12 ක මුදල පිළිබඳව කරුණු වමාරන්නට සිදුව ඇති අතර ඔහු මේ වන විට බන්ධනාගාරගත කර සිටියි. අපරාධ විමර්ශනවලදී පුද්ගලයින් ගේ පෙර සහ පසු හැසිරීම් දම්වැලක පුරුක් මෙන් එකිනෙකට යා කර බැලීමේ දී දිනේෂ් ෂාෆ්ටර් ගේ ජීවිතය අහිමි වීමට මෙම බිලියන දෙකක මූල්‍ය ගනුදෙනුව සෘජුව ම බලපා ඇති බව පැහැදිලිවම ඉඟි කෙරේ.

 

දෙවන කොටස

දිනේෂ් ෂාෆ්ටර් ගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් බොරැල්ල කනත්ත ආශ්‍රිතව සිදුවූ බව කියන සැලසුම සහ පසුව ඇතිවූ විමර්ශන ක්‍රියාවලිය පිළිබඳව මෙම කොටසින් විස්තර කෙරේ.

ඔහු විසින් ලබාදුන් බව කියන විශාල මුදලක් ආපසු අයකර ගැනීමට උත්සාහ කිරීමත් සමග ඇතිවූ ආරවුල් මෙම සිද්ධියේ මූලික හේතුවක් ලෙස සඳහන් වේ. මෙම මුදල් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස ඔහුට ලැබුණු පණිවිඩයක් අනුව ඔහු බොරැල්ල ප්‍රදේශයට පැමිණ ඇති බව ද සඳහන් වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සතුව ඇති දුරකතන කුලුනු දත්ත සහ විශ්ලේෂණ වාර්තා මගින් මෙම සම්බන්ධතා තහවුරු වී ඇති බව කියැවේ. එදින ෂාෆ්ටර් බොරැල්ල ප්‍රදේශයෙන් ආහාර මිලදී ගෙන පසුව සුසාන භූමියට ගොස් ඇති බවද වාර්තා වේ. එහි දී ඉතා සැලසුම් සහගත ලෙස ඔහුව ගොදුරු කරගත් බව මෙම විස්තරයේ සඳහන් වේ.

කනත්ත තුළ සිදුවූ බව කියන ක්‍රියාව ඉතා සූක්ෂ්ම ලෙස සැලසුම් කර තිබූ බවත්, CCTV කැමරා ක්‍රියා විරහිත කර හෝ ක්‍රියා නොකළ තත්ත්වයක තිබූ බවත් සඳහන් වේ. එම අවස්ථාවේ දී එහි වෙනත් ආදාහන කටයුත්තක් පැවති බැවින් ජනතාව ඉවත්ව ගිය නිශ්ශබ්ද අවස්ථාවක් භාවිතා කර ඇති බව ද කියැවේ.

සිද්ධියෙන් පසු ඔහුගේ සිරුර මෝටර් රථය තුළ අසාමාන්‍ය ලෙස ගැටගසා තිබූ බවත්, දෑත් බැඳ, බෙල්ල සිර කර කේබල් හා වයර් භාවිතා කර ඇති බවත් සඳහන් වේ. සිරුර විවිධ ස්ථානවලින් තදින් බැඳ තිබූ බව පසුව හඳුනාගෙන ඇති බවද මෙහිදී කියැවේ.

මෙම විමර්ශනය භාරව සිටි නිලධාරීන් පිළිබඳවද විවිධ චෝදනා හා පසුබිම් කතා මෙහි දී ඉදිරිපත් වේ. විශේෂයෙන් පූර්ව අපරාධ සිද්ධී සමඟ සම්බන්ධ බව කියන නිලධාරීන් පිළිබඳවද සඳහන් කරමින්, විමර්ශන ක්‍රියාවලියේ ස්වාධීනතාව පිළිබඳව ප්‍රශ්න ඉදිරිපත් කරයි.

ඊට අමතරව, විමර්ශන මුලින්ම සියදිවි නසාගැනීමක් ලෙස හැඳින්වීමට උත්සාහ කළ බවත්, පසුව එය සැකසහිත මරණයක් ලෙස සැලකීමට පටන් ගත් බවත් සඳහන් වේ. මෝටර් රථය තුළ තිබූ කේබල්, ඇන්ටනා වයර්, රතු පැහැති ද්‍රව්‍ය සහ හඳුනා නොගත් පෙති වර්ග පිළිබඳවද විමර්ශන අවධානය යොමු වී ඇති බව කියැවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ විමර්ශන සිදුවෙමින් පවතින අතරතුර ආරක්ෂක කැමරා පද්ධතිය අක්‍රීය වීමක් සහ සැක සහිත පුද්ගලයින් ගේ පැමිණීමක් පිළිබඳව ද සඳහන් වේ. මේ සම්බන්ධයෙන් විමර්ශන ගොනුව යටපත් කිරීමට හෝ වසා දැමීමට උත්සාහයක් තිබූ බව ද මෙහි දී කියැවේ.

අවසන් වශයෙන්, මෙම සිද්ධිය වටා ඇති දේශපාලන සහ බලපෑම් සම්බන්ධතා, විමර්ශන ක්‍රියාවලියට ඇතිවූ බාධා සහ යුක්තිය ඉටු කිරීම පිළිබඳ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරේ. රටේ නීතිය හා සාධාරණය රැක ගැනීම සඳහා ස්වාධීන විමර්ශන ක්‍රියාවලියක් අවශ්‍ය බව ද පෙන්වා දේ.

 

කොටස 03: දේශපාලන සබඳතා සහ වත්මන් යුක්තිය ඉටුකිරීමේ පියවර

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සිදුවන සමයේ රටේ ජනාධිපතිවරයා වූයේ රනිල් වික්‍රමසිංහ යි. ඔහු ෂාෆ්ටර් පවුලේ සමීපතම මිතුරෙකු වූ අතර, ව්‍යාපාරික ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් දුන් මෙම පවුලට සිදු වූ සාධාරණය සෙවීමට එදා පොරොන්දු විය. කෙසේ වෙතත්, එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ප්‍රසාද් රණසිංහ ඇතුළු නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය සියදිවි නසාගැනීමක් ලෙස පෙන්වීමට දැඩි උත්සාහයක් ගත්හ. නමුත් සිරුර බැඳ තිබූ ආකාරය අනුව එය පැහැදිලිව ම ඝාතනයක් බව පෙනෙන්නට තිබූ අතර, දැනට වසා දමා තිබූ විමර්ශන නැවත ආරම්භ කර ඇත.

IMG 34381 300x264අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ

මෙම මරණයට සෘජුවම බලපා ඇත්තේ ෂාෆ්ටර් විසින් ලබාදුන් රුපියල් බිලියන දෙකක මුදල නැවත ඉල්ලා සිටීම යි. රඛිත රාජපක්ෂ සහ දහම් සිරිසේන යන අය ලබාගත් මෙම මුදල්වලින් රුපියල් බිලියන එකහමාරක් වැය කරමින් සුඛෝපභෝගී ගොඩනැගිල්ලක් ඉදිකරන බවට තොරතුරු හෙළි වී තිබේ. මේ පිළිබඳව වහාම පරීක්ෂණ පවත්වන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින අතර, ඉදිරියේ දී දේහය නැවත ගොඩගෙන විධිමත් විමර්ශනයක් කිරීමට ද කටයුතු සූදානම් වේ.

දුරකතන දත්ත විශ්ලේෂණය මගින් මෙම සැලසුම්සහගත ඝාතනය පිටුපස සිටින්නන් කවුදැයි මේ වන විට හෙළි වෙමින් පවතී. ප්‍රකට අපරාධ විමර්ශක ශානි අබේසේකර සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න ගේ මෙහෙයවීමෙන් වත්මන් විමර්ශන සාර්ථකව ඉදිරියට ඇදෙමින් පවතී.

අතීතයේ සිටි දේශබන්දු තෙන්නකෝන් බඳු පොලිස් ප්‍රධානීන් මෙවැනි විමර්ශන ආණ්ඩුව කඩා වැටීමට හේතුවක් ලෙස සිතුව ද, වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සිතන්නේ අපරාධ විමර්ශනය පුරවැසි අයිතියක් කියාය. ලංකාවේ පොලිස් නිලධාරීන්ට පවතින්නේ අවම පහසුකම් වුවත්, ඕනෑම සූක්ෂ්ම අපරාධයක් හෙළි කිරීමට ඔවුන් සතුව සහජ දක්ෂතාවක් පවතී.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ පාලනය යටතේ, මීට පෙර යටපත් කර තිබූ සියලුම දූෂණ සහ අපරාධ විමර්ශන බියකින් තොරව එළියට ගෙන සාධාරණය ඉටු කිරීමට කදිම අවස්ථාවක් උදා වී තිබේ. මේ නිසා කලබලයට පත්ව සිටින අපරාධකරුවන් ගෙන් ජනාධිපතිවරයා ගේ ආරක්ෂාව උපරිමයෙන් සහතික කළ යුතු අතර, රටේ යුක්තිය වෙනුවෙන් සමස්ත පුරවැසියන් ජනාධිපතිවරයා වටා රොද බැඳගත යුතුය.

 

 

 gajabapura i

 

 

 

npp පැරකුම්පුර ගජබාපුර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න