"AURA" - Haute  Couture අගෝස්තු 11 : අංක 95, රොස්මිඩ් පෙදෙසේ විවෘත වෙයි ! 

"AURA" - Haute  Couture අගෝස්තු 11 : අංක 95, රොස්මිඩ් පෙදෙසේ විවෘත වෙයි ! 

නියම ප්‍රමිතියෙන් යුතු උසස් තත්ත්වයේ  ඉන්දියානු  සාම්ප්‍රදායික කාන්තා  ඇදුම් ,සපත්තු, අත්බෑග, ස්වර්ණාභරණ හා අනෙකුත් අයිතම  අලෙවි කරන නව   විලාසිතාගාරයක් වන AURA ...Haute  Couture අගෝස්තු 11 වන සෙනසුරාදා පෙරවරු 11.00 ට අංක 95, රොස්මිඩ් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයේ  විවෘත කිරීමට නියමිතය.

ජනප්‍රිය  නළු නිළියන් , ගායක, ගායිකාවන් ඇතුළු කලාකරුවන්, ක්‍රිකට් ක්‍රීඩකයින් හා වෘත්තිකයින්, ව්‍යාපාරිකයින් හා ප්‍රභූ දේශපාලකයින් කිහිප දෙනෙකුගේම සහභාගීත්වයෙන් මෙම විවෘත කිරීම සිදුකිරීමට නියමිතව ඇත.

ඉන්දීය සාම්ප්‍රදායික ඈදුම් පැළදුම් හා විලාසිතා සංස්කෘතියේ සුභවාදී ප්‍රවණතා මෙරට තුළ  පාරිභෝගිකයින්ට යහපත් සේවාවක් සැපයීම මුලික කරගෙන විවෘත වන මෙම විලාසිතාගාරය   හරහා විලාසිතා හා  ඈදුම් පැළදුම් පිළිබඳව උපදේශනය ලබා දීමටත්, ඉතා උසස් ගණයේ නියම ඉන්දියානු  ඈදුම් පැළදුම් හා විලාසිතා දැරිය හැකි සාධාරණ මිලකට ලබා ගැනීමටත් අවස්ථාව ලබාදීමද සිදුවේ.

එසේම මෙම විලාසිතාගාරය ඉදිරියේදී මාධ්‍ය සහ කලා කටයුතු වල  අවශ්‍යතා සදහා සුදුසු ලෙස භාවිත කිරීමට අවස්ථා ලබා දීමටද නියමිතව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න