රජයේ සංවර්ධන සංග‍්‍රාමය වෙනුවෙන් ‘සංවර්ධන වාසනාව’ විශේෂ ලොතරැයියක්

රජයේ සංවර්ධන සංග‍්‍රාමය වෙනුවෙන් ‘සංවර්ධන වාසනාව’ විශේෂ ලොතරැයියක්

රට තුළ වර්තමානයේ ක්‍රියාත්මක වන විවිධ සංවර්ධන සංග‍්‍රාමයන් වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් “සංවර්ධන වාසනාව” නමින් විශේෂ ලොතරැයියක් ඊයේ  (22)  දින වෙළදපලට නිකුත් කෙරුණි.

ටිකට්පත එළිදැක්වීම ඊයේ  ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතින් මුදල් අමාත්‍යංශයේදී සිදුවිය.

මෙම ටිකට්පත් නිකුත් කිරීමේ අවස්ථාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්. ඒ. පී. සූරියප්පෙරුම  සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂ එච්. ආර්. විමලසිරි ඇතුළු  නිළධාරීන් සහභාගී විය.
 
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සංකල්පයක් අනුව දිළිදුකම පිටුදැකීමේ අරමුණින් ආරම්භ කරන ලද ග‍්‍රාම ශක්ති ව්‍යාපාරය සහ ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ මගපෙන්වීම අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ක‍්‍රියාත්මක වන Vision 2025, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හා ගම්පෙරළිය සංවර්ධන සංග‍්‍රාමය පාදක කරගනිමින් මෙම විශේෂ ලොතරැයිපත සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් නිකුත් කර ඇත.
 
ඌව වෙල්ලස්ස සංවර්ධනය සනිටුහන් කරමින් මොණරාගල පවත්වන ගම්පෙරළිය ප‍්‍රදර්ශනයට සමගාමීව මෙම ලොතරැයිපත අලෙවි කිරීමේ කටයුතු සැලසුම් කර ඇති බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය සදහන් කරයි.
 
වසර ගණනාවක් ජනතා විශ්වාසය දිනාගනිමින් ජනප්‍රියත්වයට පත්ව තිබෙන සංවර්ධන වාසනාව ලොතරැයියේ මෙම විශේෂ දිනුම් ඇදීම තුළින් රුපියල් කෝටියකින් පටන්ගන්නා සුපිරි ජයමල්ල ඇතුලු මුදල් ත්‍යාග , ස්වර්ණ තිළිණ ත්‍යාග වලට අමතරව වටිනා වැගන් ආර් මෝටර් රථයක් සහ ස්කූටි රථ තුනක් දිනා ගැනීමට අවස්ථාව හිමිකර දී ඇත.
 
මෙම ලොතරැයිය සැප්තැම්බර් 27 වනදා දිනුම් ඇදීමට නියමිතව ඇත.

{gallery}dlb_suri{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න