සංවර්ධන සංග්‍රාම වෙනුවෙන් DLB වෙතින් ක්ෂණික ලොතරැයි 2ක් !

සංවර්ධන සංග්‍රාම වෙනුවෙන් DLB වෙතින් ක්ෂණික ලොතරැයි 2ක් !

රට තුළ වර්තමානයේ ක්‍රියාත්මක වන විවිධ සංවර්ධන සංග‍්‍රාමයන් වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින්  ‘Vision 2025 ගමට දිනුම’  ‘Vision 2025 ගමට සවිය’   යනුවෙන් ක්ෂණික ලොතරැයිපත් දෙකක් 2018.08.29 වනදා සිට වෙළදපලට නිකුත් කර ඇත.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව දිළිදුකම පිටුදැකීමේ අරමුණින් ආරම්භ කරන ලද ග‍්‍රාම ශක්ති ව්‍යාපාරය සහ ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ මගපෙන්වීම අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන්  ක‍්‍රියාත්මක වන Vision 2025, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හා ගම්පෙරළිය සංවර්ධන සංග‍්‍රාමය පාදක කරගනිමින් මෙම ක්ෂණික ලොතරැයිපත සංවර්ධන  ලොතරැයි මණ්ඩලය විසින් නිකුත් කර ඇත.

ඌව වෙල්ලස්ස සංවර්ධනය ‍සනිටුහන් කරමින්  මොණරාගල පවත්වන ගම්පෙරළිය ප‍්‍රදර්ශනයට සමගාමීව මෙම ලොතරැයිපත අලෙවි කිරීමේ කටයුතු දියත්කළ බව  සංවර්ධන ලොතරැයි මණ්ඩලය තවදුරටත් සදහන් කරයි.

මෙම  ටිකට්පත් එළිදැක්වීම  ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතින් මොණරාගල ගම්පෙරළිය ප‍්‍රදර්ශන භූමියේදී සිදුකෙරුණි. මෙම ටිකට්පත් නිකුත් කිරීමේ අවස්ථාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස් ඒ පී සූරියප්පෙරුම මහතා සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂ එච්.ආර්. විමලසිරි මහතා ඇතුලු ඉහළ නිළධාරීන් සහභාගී විය.

වාසනාව වෙනුවෙන් නවතම අවස්ථාවන් නිරන්තරයෙන් ගෙන එන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මෙම ක්ෂණික ලොතරැයිපත්  තුළින්  රුපියල් ලක්ෂය බැගින් මුදල් ත්‍යාග රැසක් දිනා ගැනීමට හැකියාව ඇත.

මෙම ක්ෂණික ලොතරැයිපත්  හරහා ඔබට වාසනාවත් රටේ සංවර්ධන සංග්‍රාමයට ශක්තියත්  උදා කරදීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ  අරමුණයි.

20180829200603 IMG 4755

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න