“එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා - තුරුණු දිරිය” ට : නැගෙනහිර පළාතෙන්  ව්‍යවසායකයින් 327 දෙනෙක් 

“එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා - තුරුණු දිරිය” ට : නැගෙනහිර පළාතෙන්  ව්‍යවසායකයින් 327 දෙනෙක් 

තරුණ ව්‍යවසායකයින් 327 දෙනෙක් “තුරුණු දිරිය” ණය ලබා ගැනීම සඳහා නැගෙනහිර පළාතින් මේ වන විට හඳුනා ගෙන තිබේ. 

නැගෙනහිර පළාතේ “තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මේ බව අනාවරණය විය. 

මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම සැප්තැම්බර් මස 14 වෙනි දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් තුමාගේ සහභාගිත්වයෙන්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මේ වන විට නැගෙනහිර පළාතේ තරුණ ව්‍යවසායකයින් 7 දෙනෙක් සඳහා “තුරුණු දිරිය” ණය ලබා දී ඇති අතර, තවත් ව්‍යවසායකයින් 104 දෙනෙක් සඳහා ණය ලබා ගැනීමට අවශ්‍ය ව්‍යාපාර සැලසුම් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සකසා ලංකා බැංකුව වෙත භාර දී ඇත. මීට අමතරව, “තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් 95 ක් මේ දක්වා නැගෙනහිර පළාත තුළ ක්‍රියාත්මක කර ඇත.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම වැඩසටහන් කළමණාකරණ ඒකකය, ලංකා බැංකුව, තෝරා ගත් ප්‍රජා මූලික සංවිධාන, නැගෙනහිර පළාතේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල, යන ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්‍ෂවරුන් ද මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා සහභාගී වූහ.

“තුරුණු දිරිය"ණය යෝජනා ක්‍රමය රටේ තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම අරමුණ කරගෙන ක්‍රියාත්මක කරනු ලබන අතර එමඟින් උපාධියක් සහිත හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත, වසර 03 කට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැලි තරුණ ව්‍යවසායකයින් සඳහා ඇප/ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇපකරුවන් සහිතව ණය පහසුකම් ලබා දෙයි.

මේ පිළිබඳ වැඩි දුර තොරතුරු දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛා වලින් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ලබා ගත හැක.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න