එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා : “තුරුණු දිරිය” ට දකුණෙන් 647ක් 

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා : “තුරුණු දිරිය” ට දකුණෙන් 647ක් 

තරුණ ව්‍යවසායකයින් 647 දෙනෙක් “තුරුණු දිරිය” ණය ලබා ගැනීම සඳහා දකුණු  පළාතින් මේ වන විට හඳුනා ගෙන ඇති බවට වාර්තා වෙයි.

දකුණු  පළාතේ “තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මේ බව  අනාවරණය වී ඇති අතර එම  ප්‍රගති සමාලෝචන රැස්වීම පසුගියදා  ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමාගේ සහ අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමාගේ ද  සහභාගිත්වයෙන්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

මීට අමතරව, මේ වන විට දකුණු පළාතේ තරුණ ව්‍යවසායකයින් 19 දෙනෙක් සඳහා“තුරුණු දිරිය” ණය මුදල් ලබා දී ඇත. තවත් ව්‍යවසායකයින් 190 දෙනෙක් සඳහා ණය ලබා ගැනීමට අවශ්‍ය ව්‍යාපාර සැලසුම් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සකස් කර ඇති අතර, ඉන් ව්‍යාපාර සැලසුම් 125 ක් මේ වන විටත් ලංකා බැංකුව වෙත භාර දී ඇත. මීට සමගාමීව “තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් 108 ක් ද මේ දක්වා දකුණු පළාත තුළ ක්‍රියාත්මක කර ඇත.

ලංකා බැංකුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල, තෝරා ගත් ප්‍රජා මූලික සංවිධාන, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම වැඩසටහන් කළමණාකරණ ඒකකය, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය යන ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්‍ෂවරුන් ද මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා සහභාගී වූහ.

“තුරුණු දිරිය"ණය යෝජනා ක්‍රමය රටේ තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම අරමුණ කරගෙන ක්‍රියාත්මක කරනු ලබන අතර එමඟින් උපාධියක් සහිත හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත, වසර 03 කට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැලි තරුණ ව්‍යවසායකයින් සඳහා ඇප/ ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇපකරුවන් සහිතව ණය පහසුකම් ලබා දෙයි.

මේ පිළිබඳ වැඩි දුර තොරතුරු දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛාවලින් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ලබා ගත හැක.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න