රිචඩ් පීරිස් සභාපතිට නඩු !

රිචඩ් පීරිස් සභාපතිට නඩු !

රිචඩ් පීරිස් සමාගම් සමූහයේ සභාපති කෝටිපති ව්‍යාපාරික ආචාර්ය සේන යද්දෙහිගේ ට එරෙහිව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බව වාර්තා වෙයි.

ඒ රිචඩ් පීරිස් සමූහයේ අනුබද්ධ සමාගමක් වන කෑගල්ල වැවිලි සමාගම විසින් 2015 ජූලි මස 10 වැනි දින සමාගමේ එක් කොටසක් වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන ලද රු. 45.00 ක දැවැන්ත ලාභාංශය පදනම් කරගෙනය.

සුරැකුම්පත් කොමිසම සඳහන් කරන ආකාරයට මෙකී ලාභාංශ ප්‍රකාශයට පෙර ඊට ආසන්න දිනක දී කෑගල්ල වැවිලි සමාගමේ කොටස් මිල දී ගැනීමක් ආචාර්ය යද්දෙහිගේ මහතා විසින් සිදුකර ඇත.

ඒ අනුව මෙය කොටස් වෙළෙඳපොළ අභ්‍යන්තරික වෙළෙඳාම (Insider trading) ගණයට ලා ගැනෙන වැරැද්දක් බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

ආචාර්ය යද්දෙහිගේ ට අමතරව මෙම වරද සඳහා ඔහුට ආධාර හා අනුබල දීමේ චෝදනාව මත සුබ්‍රමනියම් තිනමානි නැමැත්තෙකුට ද මෙහිදී චෝදනා ගොනුකර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න