කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත රෝහල් සමාගමක් වන ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලයේ විශාල වෙනස්කම් රැසක් වාර්තා වී තිබේ.
මේ අනුව සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වූ වෛද්‍ය සරත් පරණවිතාන, පූජ්‍ය තීනියාවල පාලිත හිමි, නන්දන ජයන්ත මුණසිංහ, අසේන්ද්‍ර චමින්ද සිරිවර්ධන, කීර්ති කොටගම, සාඩි වඩූඩ් හා වෛද්‍ය අනිල් අබේවික්‍රම යන අය 2019 මාර්තු මාසයේ අවසානයේ සිට බලපැවැත්වෙන පරිදි අදාළ තනතුරුවලින් ඉල්ලා අස් වී තිබේ.
මේ අතර රෝහලේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙසින් සිද්දි ෆාරුක් (සභාපති), වෛද්‍ය අනුර විජේවර්ධන, ජයන්ති ගුණවර්ධන, උපුලාංගනී මාලගමුව, රාජු ඒ. චන්දිරම් හා අජිත් උදය අමරසේකර යන අය 2019 මාර්තු 29 දින සිට බලපැවැත්වෙන පරිදි පත් කර ඇත.
ලංකා හොස්පිටල්ස් පීඑල්සී හි සමාගම් ලේකම්වරයා විසින් මේ බව ඊයේ (01) කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
