ජ්‍යේෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ මහතා ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත.
වෘත්තියෙන් නීතිඥවරයකු වන රත්වත්තේ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයෙන් නීති උපාධිය ලබාගෙන ඇති අතර අපරාධ, වාණිජ සහ සිවිල් නඩු විශාල සංඛ්‍යාවක් වෙනුවෙන් පෙනී සිට ඇති ප්‍රමුඛ පෙළේ නීතිඥවරයෙකි.
ඔහු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්, ශ්‍රී ලංකා තත්ත්ව ආයතනයේ සභාපති සහ ලංකා නැව් සංස්ථාවේ සභාපති ධුරය ඇතුළු තනතුරු රැසක් හොබවා ඇත.
හෙතෙම තොරතුරු තාක්ෂණ, මෘදුකාංග සංවර්ධන, සුරැකුම්පත්, රක්ෂණ යන ක්ෂේත්‍රවලට අයත් පෞද්ගලික අංශයේ සමාගම් රැසක් අධ්‍යක්ෂ මණ්ඩලවලද කටයුතු කර ඇත.
රත්වත්තේ මහතා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
