Image

අග්බෝ ඇතා සොයා විශේෂ හමුදා කණ්ඩායමක්!

අග්බෝ ඇතා සොයා විශේෂ හමුදා කණ්ඩායමක්!

අග්බෝ ඇතා සොයා ගැනීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් පිටත් කළ බව පරිසර අමාත්‍යාංශය පවසයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝග පරිදි මෙම විශේෂ හමුදා කණ්ඩායම පිටත් කර යවා තිබෙන අතර, අග්බෝ ඇතා සිටින ස්ථානය කඩිනමින් හඳුනාගෙන, උගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කිරීම මෙම විශේෂ මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යාංශය සඳහන් කරන්නේ පරිසර අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා අතර පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි.

ඒ අනුව, අදාළ රාජ්‍ය ආයතනවල පූර්ණ සහයෝගය ඇතිව අග්බෝ ඇතා සොයා ගැනීමේ මෙහෙයුම් කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න