Image

ගෑස් හිඟයක් ගැන අනිසි බියක් එපා - අමාත්‍ය වසන්ත සමරසිංහ

ගෑස් හිඟයක් ගැන අනිසි බියක් එපා - අමාත්‍ය වසන්ත සමරසිංහ

රට තුළ කිසිදු ආකාරයේ ගෑස් හිඟයක් ඇතිවීමට ඉඩ නොදෙන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහයා පවසයි.

මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් නෞකාවක් අද (18) ලංකාවට ළඟා වීමට නියමිත බවත්, ඊට අදාළව  ඉදිරි දින තුන තුළ තවත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර 350,000ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවැසුවේය.

පසුගිය දින තුන තුළ ද ගෘහස්ථ ගෑස් සිලින්ඩර 350,000ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, අද දිනයේ ගොඩබෑමට නියමිත ගෑස් ප්‍රමාණය ඉදිරි දින සඳහා ප්‍රමාණවත් බැවින් අනවශ්‍ය ලෙස ගෑස් තොග රැස් කිරීමට කටයුතු නොකරන ලෙසත්, ගෑස් හිඟයක් ඇතිවේ යැයි අනිසි බියක් ඇති කර නොගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න