Image

“පඳුරේ තියෙන ගින්න ලැව්ගින්නක් බවට පත්කරගන්න එපා” - උදය ගම්මන්පිලගෙන් ජනපතිට අනතුරු ඇගවීමක්

“පඳුරේ තියෙන ගින්න ලැව්ගින්නක් බවට පත්කරගන්න එපා” -  උදය ගම්මන්පිලගෙන් ජනපතිට අනතුරු ඇගවීමක්

පඳුරේ තියෙන ගින්න ලැව්ගින්නක් බවට පත්කරගන්න එපාය කියලා අපි ජනාධිපතිතුමාට අනතුරු ඇඟවීමක් කරනවා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පැවසීය.

බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීමේ සිද්ධිය ඇතුළු කරුණු කිහිපයක්  පිළිබඳව අදහස් දැක්වීමට අද (17) පිවිතුරු හෙළ උරුමය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි ඔහු මේ අදහස් පළ කළේ.

එහිදී ඔහු විමසුවේ "ජනාධිපතිතුමනි, ඔබට එරෙහිව මේ ගොඩනැගෙන කෝපය, වේදනාව ඔබට දැනෙන්න තවත් මොනවද බෞද්ධයා කළ යුත්තේ? මේ නැගිට්ට මදිද?” යනුවෙනි.

උදය ගම්මන්පිල දැක්වූ අදහස් මෙසේය.

" ‘ජනාධිපති සමාවෙන්’ තමන්ගේ ජීවිතය බේරගත්ත මිනීමරුවෝ පිරිසක් රටේ බලය අත්පත් කරගෙන ජනාධිපති සමාව අපි නම් පාවිච්චි කරන්නේ නෑ කියන එක වගේ තවත් දෙබිඩි කතාවක් තියෙනවද?

මට මතක් වුණේ මේ අවුරුද්දේ සිංහල අලුත් අවුරුදු දවසේ ගංගාරාමයේදී හමුවෙච්ච අනුරාධපුරයේ වී මෝල් හිමියෙක් මට කිව්වා 1989 දී ඒගොල්ලන්ගේ ගෙදරට ඇවිල්ලා ගෙදර තිබ්බ තුවක්කුව පැහැරගෙන ගියේ ලාල්කාන්ත ඇමතිතුමාය, මට හැමදාම රෑට නින්දට යනකොට ඒ සිදුවීම මැවිලා පේන නිසා ලාල්කාන්ත ඇමතිතුමාගේ රුව හොඳටෝම මතකයි කියලා.

ඉතින් ‘ජනාධිපති සමාවෙන්’ ජීවිතය බේරගෙන පක්ෂයක් යළි ගොඩනඟලා ඒ පක්ෂයට බලය ලබාගත්ත උදවියම අපි නම් ජනාධිපති සමාව පාවිච්චි කරන්නේ නෑ වගේ දෙබිඩි කතාවක් කියන්න අයිතියක් නෑ.

ඒ විතරක් නෙවෙයි, මේ පැත්තෙන් සෞදි අරාබියේ රජතුමාට ආයාචනා කරනවා ඔබතුමා සතු සමාව දීමේ බලය පාවිච්චි කර අපේ අනෝජන්ට සමාව දෙන්න කියමින් ලංකාවට කියනවා අපි නම් ජනාධිපති සමාව පාවිච්චි කරන්නේ නෑ කියලා.ඕක තමයි කියන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියලා. ඉතින් ඒ නිසා ජනාධිපතිතුමනි තවත් දෙබිඩි ප්‍රතිපත්ති පෙන්නන්නේ නැතුව වහාම ඥානසාර හිමියන්ට සමාව ලබා දෙන්න. ජනාධිපතිතුමනි, දෙබිඩි කතා කියන්නේ නැතුව ඥානසාර ස්වාමීන් වහන්සේට නිදහස ලබා දෙන්න.

ජනාධිපතිතුමනි මේ රටේ බෞද්ධයන්ගේ, ඔබට එරෙහිව මේ ගොඩනැගෙන කෝපය, වේදනාව ඔබට දැනෙන්න තවත් මොනවද බෞද්ධයා කළ යුත්තේ? මේ නැගිට්ට මදිද? තව මොනවා හරි කරන්න ඕනෙද ඔබතුමාට මේ වේදනාව දැනෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් අහනවා. පඳුරේ තියෙන ගින්න ලැව්ගින්නක් බවට පත්කරගන්න එපාය කියලා අපි ජනාධිපතිතුමාට අනතුරු ඇඟවීමක් කරනවා." 

 වීඩියෝව නරඹන්න පිවිසෙන්න පහළින්>>

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න