Image

"රාජකාරියට බාධා ආවොත් වහාම මට කියන්න" –අමාත්‍ය හර්ෂණ නනායක්කාර

"රාජකාරියට බාධා ආවොත් වහාම මට කියන්න" –අමාත්‍ය හර්ෂණ නනායක්කාර

රාජකාරියේදි බාධා හෝ දුෂ්කරතා ඇති වුව හොත් වහාම තමා වෙත දැනුම් දෙන ලෙස අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මේ බව පැවසුවේ ඊයේ (16) බත්තරමුල්ලේ පිහිටි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීය.

මෙහිදී, විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සහ එහි වත්මන් ප්‍රගතිය පිළිබඳව අමාත්‍යවරයා සෘජුවම නිරීක්ෂණය කළේය.

එම කටයුතුවලට සම්බන්ධව රසායනාගාරවල සේවය කරන නිලධාරීන්ගෙන් කරුණු විමසූ අමාත්‍යවරයා, වාර්තා කඩිනමින් නිකුත් කිරීම සඳහා ගෙන ඇති පියවර සහ ඒ සඳහා පවතින පහසුකම් පිළිබඳවද සොයා බැලීය.

රස පරීක්ෂක වාර්තා පරිගණකගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ද සොයා බැලූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, තමන්ට හැකි උපරිමයෙන් වගකීම් ඉටු කිරීම තුළින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත හැකි බවත්, ඒ වෙනුවෙන් සියලුදෙනාගේ කැපවීම අත්‍යවශ්‍ය බවත්ය.

තවද, ලබන 2027 වසරේ ජනවාරි 31 වන විට අපේක්ෂිත ඉලක්ක සපුරාලමින්, රස පරීක්ෂක වාර්තා ලබාදීමේ කාලය මාස තුනක් දක්වා අඩු කරගත හැකි වන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග සහ යාන්ත්‍රණය මේ වන විට සකස් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න