Image

ශිරන්ති රාජපක්ෂට ඇප!

ශිරන්ති රාජපක්ෂට ඇප!

“සිරිලිය සවිය” අරමුදලට සම්බන්ධ ගිණුමේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ මූල්‍ය අක්‍රමිකතා සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (16) නියෝග කළේය.

ශිරන්ති රාජපක්ෂගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව ජාතික රෝහලෙන් ලබා දී තිබූ වෛද්‍ය වාර්තාවේ සඳහන් සුවිශේෂී කරුණු සැලකිල්ලට ගනිමිනි අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කිරීමට කටයුතු කර ඇත්තේ.

ඒ අනුව, සැකකාරියට ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 2ක් නියම කළ මහේස්ත්‍රාත්වරයා, විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළ අතර, රුපියල් ලක්ෂයක මුදල් ඇපයක්ද නියම විය.

සිද්ධියට අදාළව එම සැකකාරිය සම්බන්ධයෙන් සිදු කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාරවල ප්‍රගතිය අද දින අධිකරණයට වාර්තා කරන ලෙස ඉකුත් (13) වන දින බන්ධනාගාර අධිකාරීවරයාට නියම කර තිබුණා.

ඒ අනුව, අදාළ වෛද්‍ය වාර්තාව අද දින මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබූ අතර, වෛද්‍ය වාර්තාව අධිකරණය හමුවේ කියවා දක්වමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, සැකකාරියට 'බයිපාස්' (Bypass) සැත්කමක් සිදුකළ යුතු බවට එහි දක්වා ඇති බවයි.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයට දැනුම් දුන්නේ, එම වෛද්‍ය වාර්තාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමන්ට කරුණු දැක්වීමට අවසර දෙන ලෙසයි.

ඒ අනුව, නඩු විභාගය පස්වරු 2.45 දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එම වෛද්‍ය වාර්තාව පරිශීලනය කර බැලීමට අවශ්‍ය බව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයට දැන්වීමෙන් පසු නඩුව පස්වරු 2.45 දක්වා කල් තැබුණා.

ඉන්පසුව, නඩුව පස්වරු 3.00 ට නැවත කැඳවනු ලැබුවා.

මෙම අවස්ථාවේදී දෙවන සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා පවසා සිටියේ, තම සේවාදායිකාවගේ හෘදයේ වම් ප්‍රදේශයේ ධමනි 80%, 90%ක් අවහිරතාවයට පත්ව ඇති බැවින් ඇප මත මුදා හරින ලෙසයි.

වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතිඥවරයා මෙලෙස පවසා සිටියා:

"ස්වාමීනි, හෘදයේ වම් ප්‍රධාන ධමනිය 80%, 90%ක් අවහිරතාවයට පත් වෙලා. ඉක්මනින් බයිපාස් සැත්කමක් කරන්න කියලා තියෙනවා. ඒ අනුව බරපතල රෝගී තත්වයක් තිබෙනවා. මෙවැනි අවස්ථාවක් සුවිශේෂී තත්වයක් ලෙස සලකා ඇප ලබා දෙන්න පුළුවන්. ජීවිත අවදානම ගැන සිතලා."

සිරිලිය සවිය සංවිධානය හරහා රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් ලබාදෙන බවට පවසා, ඒ සඳහා රුපියල් ලක්ෂ 100ක මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙතින් ලබාගෙන, රජයේ මුදල් සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනා මත සැකකරුවන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව ඇප මත මුදා හැර සිටින පළමුවන සැකකරු වන ප්‍රදීප් කාරියවසම් අද විවෘත අධිකරණයේ පෙනී සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න