Image

ශිරන්ති රාජපක්ෂට බයිපාස් සැත්කමක් කළ යුතු බවට වෛද්‍ය වාර්තාවකින් අධිකරණයට දැනුම් දෙයි

ශිරන්ති රාජපක්ෂට බයිපාස් සැත්කමක් කළ යුතු බවට වෛද්‍ය වාර්තාවකින් අධිකරණයට දැනුම් දෙයි

'සිරිලිය සවිය' අරමුදලට අයත් ගිණුමක සිදුවූ බව කියන මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ හට බයිපාස් සැත්කමක් සිදුකළ යුතු බවට වෛද්‍ය වාර්තාවල අන්තර්ගත වන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (16) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

අද දින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබූ අදාළ වෛද්‍ය වාර්තාව අධිකරණය හමුවේ කියවා දක්වමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, සැකකාරියට ‘බයිපාස්’ සැත්කමක් සිදුකළ යුතු බවට එහි දක්වා ඇති බවයි.
එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයට දැනුම් දුන්නේ එම වෛද්‍ය වාර්තාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමන්ට කරුණු දැක්වීමට අවසර දෙන ලෙසයි.
ඒ අනුව නඩු විභාගය පස්වරු 2.45 දක්වා කල්තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න