Image

කාවන්තිස්ස මෙලොවින් සමුගනී

කාවන්තිස්ස මෙලොවින් සමුගනී

කාගේත් කතාබහට හා ජනාදරයට පත්ව සිටි කාවන්තිස්ස හස්තිරාජයා මියගොස් තිබේ.

රෝගී තත්ත්වයෙන් පසුවූ එම හස්තිරාජයා අද (16) පෙරවරුවේ සියඹලන්ගමුව ප්‍රදේශයේ ඇදවැටී සිටියදී හමුවී ඇත.

ගල්ගමුව ප්‍රදේශයේ වාසය කළ ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය කාලයේ සිට ගැටලු මතුවිය.

ඉදිරි දකුණු පාදයේ වෙඩි වැදීමකින් ඇති වූ බව කියන තුවාලයකට පසුගිය 24 වැනිදා පස්වරුවේ සිට ප්‍රතිකාර ආරම්භ කර ලදී.

පාදයේ තුවාලය යම්තාක් දුරට සුවවී තිබුණත්, පසුගිය දින කිහිපයේ ආහාර නොගැනීම ඇතුළු වෙනත් රෝගී ලක්ෂණ ඇතාගෙන් නිරීක්ෂණය වූ බව සඳහන්ය.

කාවන්තිස්ස හස්තිරාජයා සැලකෙන්නේ මෙරට සිටින විශාලතම සහ උසම ඇත් රජෙකු ලෙසය.

gallery 1792161074 6ad23532350dd

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න