ත්රිපිටකය, සම්බුද්ධ ශාසනය විකෘති කරමින් ඒ ධර්මය විනාශ කරන පිරිසක් සිංහල බෞද්ධ සමාජය තුළින්ම බිහිවී සිටින බව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.
එම තත්ත්වය ඉතාම කණගාටුදායක බවත්, මෙම තත්ත්වය වළක්වා ගැනීමට පින්වත් බෞද්ධ පිරිස කටයුතු කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දෙති.
අතීතයේ සිටම අප වෙත සුරක්ෂිතව රැක දී ඇති උතුම් බෞද්ධ දීපය, බෞද්ධ ශාසනය සහ රට රැක ගැනීම උදෙසා සියලු දෙනා ඇප කැපවී මීට වඩා පෙරට පැමිණීම වර්තමානයේ අත්යවශ්ය බවද උන්වහන්සේ සඳහන් කරති.
එමෙන්ම, මෙම ශාසන විනාශකාරී ක්රියාකාරකම් පිටුපස යම් විදේශීය බලවේග තිබෙන්නට හැකි බවද ධම්මානන්ද හිමියෝ වැඩිදුරටත් පෙන්වා දෙති.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
