ජනාධිපතිතුමා කිව්වා වගේ මේවා මොන හුණ්ඩු ද ?
මහාචාර්ය ජයදේව උයන්ගොඩගේ ‘‘මං කෙසේ පවසම්" නැමැති 71 කැරැල්ල පසුබිම් කොට ගෙන සිර ගෙදර සිට රචනා කරන ලද කවි පොතේ උත්සවය අලළා ප්‍රවීණ සිනමාවේ දී අශෝක හදගම මහතා සමාජ මාධ්‍ය වෙත මුදාහළ නිරීක්ෂණයක මෙසේ සඳහන් විය.
‘‘චන්ද්‍රිකා මැතිණිය දුන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පදනමට ලැබෙන මුදල්නේ.
දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත් කිරීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම රජය වෙත මිලියන 250 මුල්‍ය පරිත්‍යාගයක් සිදු කළේය.
ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ රත්වත්තෙ බණ්ඩාරනායක අභාවප්‍රාප්ත වී අදට විසි පස් වසරකි. එය සිහිපත් කරමින් ඇගේ දියනිය සහ මෙරට ප්‍රථම විධායක ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය Face book ගිණුමෙහි සංවේදී සටහනක් තබා තිබුණා ය.
මතු පළ වන්නේ එම සටහන යි.
අසූව දශකයේ මැද භාගයේ එක් දිනක් මගේ මව හමුවීමට මගේ සහෝදරිය සමග මවගේ නිවසට ගියවිට, ඇයගේ පරම්පරාවෙන් ඇයට උරුම වූ රිදී භාණ්ඩ කීපයක් දෙස බලමින් සිටිනු මගේ මතකයේ රැඳී තිබේ. ඇය ඒ ඒ එක් එක් භාණ්ඩයේ වටිනාකම සාකච්ජා කරමින් පසුවූවා ය.
පවුලේ උරුමයෙන් ලත් එම භාණ්ඩ අලෙවි කිරීමට ඈ කැමති වීම පිළිබද විමතියට පත් මම, ඇයට එසේ කිරීමට උවමනා වී ඇත්තේ ඇයිදැයි විමසා සිටියෙමි.
එවිට ඇය මට පැහැදිලි කර සිටියේ විදේශයක දී තමාට සිදු කිරීමට නියමිත උකුල් අස්ථියේ ශල්‍ය කර්මය සඳහා මුදල් අවශ්‍යව ඇති බවයි.
මේ වනාහි වසර දොළහක් රටෙහි අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ තැනැත්තිය යි.
ඇගේ මූල්‍ය තත්වය දැකීමෙන් මම මහත් කම්පාවට පත්වීමි. නමුදු මම ඒ සමගම මගේ මව පිළිබඳව අභිමානයට පත්වීමි.
එවන් නායිකාවක් දැයෙන් සමුගෙන අදට වසර 25 කි.
ඔබට නිවන් සුව අම්මේ!

වත්මන් රජය රාජ්‍ය සේවය විනාශ කරමින් සිටිනන්නේ යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් අවධාරණය කරන්නී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

