ජනාධිපතිතුමා කිව්වා වගේ මේවා මොන හුණ්ඩු ද ?
ඇත්තටම ආණ්ඩු ලාබ ලබනවා කියලා හිතං ඉන්න ව්‍යාපාර කරන්න ගියාම ඔය ඉරණම තමා අත්වෙන්නේ. ඔය හුණ්ඩ් වැඩ නිසා කවමදාවත් නං සෙතක් වෙන්නෑ.
සීනි, පොල් තෙල්, කජු, සිල්ලරබඩු, Air ටිකටක්, හාල් විකුණන හුණ්ඩු මානසිකත්වයෙන් දැන්වත් මිදෙන්න කියලා තමා අපිටත් කියන්න තියෙන්නේ.සමහර මැති ඇමතිලට ටැග් කරන්න එපා.
හඳෙන් හාල් ගෙන ඒමේ සිට ආසියාවේ ආශ්චර්යය දක්වා
හඳෙන් හරි හාල් ගෙනවා
ඇත්තටම අපිට රටක් විදියට දැක්මක් හෝ Strategy එක්ක තිබ්බෙ නෑ. අපේ අනාගතේ ගැන කාලෙන් කාලට මැතිවරණවලට ලස්සන පාට පින්තූර ගහපු සුරංගනා ලෝක මවපු එක එක අයගේ දැක්මවල් ක්‍රියාත්මක කරන්න ගිහිං අපිට හොම්බෙන් යන්න උණා මතක ඇති.
හඳෙන් හරි හාල් ගෙනවා , ධාර්මිශ්ඨ රාජ්‍යක්, විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක්, ආසියාවේ ආශ්චර්යය වගේ කාලෙන් කාලෙට ආපු පෞද්ගලික දැක්මවල් අවසානෙට රටට ජනතාවට ඉතුරු කළේ ණය කන්දක් විතරයි.
හුණ්ඩුවෙ තරමට සිතීම
ධාර්මිශ්ඨ රාජ්‍යක්
අදටත් ඒ ගත්තු හුණ්ඩු තීරණ නිසා අපි දුක් විදිනවා. උදාහරණයක් Sri Lankan Air lines ජනසතු කොට මස්සිනාලාට පැවරීම නිසා ණය පිට ණය වෙලා දැන් විකුණන්න හැදුවත් ගන්න කෙනෙක් නෑ. එදා මේ සමාගම මේ ප්‍රපාතෙට ඇදලා දාපු අය තවමත් වගේ වගක් නැතුව දේශපාලනය කරනවා. අදටත් ඒ බර අපේ බදු මුදලින් ගෙවනවා .
ගොඩක් කාලෙටක කලින් තෙල් ජනසතු කරලා එදා ගත්ත හුණ්ඩු තීන්දු නිසා ලංකාවෙ හිටපු සියලු තෙල් සමාගම් ලංකාව දාලා සිංගප්පූරුවට ගියා. අද ලංකාව තෙල් ගෙන්වන්නේ සිංගප්පූරුවෙන්. හිතන්න ඒ සමාගම් ටික අද ලංකාවේ හිටිය නම් ලංකාව බොහෝ දුරට තෙල් මධ්‍යස්ථානයක් වෙන්න තිබ්බා අපේ පිහිටීමත් එක්ක. හැබැයි මේ හුණ්ඩුකාරයෝ හිතන්නේ හුණ්ඩුවෙ තරමට නිසා අපිට ඒ දේ අහිමි කළා;
පරම්පරා ගණනාවක අනාගතය දියාරු කරලා දැම්මා. ඒකේ වගකීම ගන්නේ කවුද? ඒ තීන්දු තීරන ගත්ත අයගෙ පවුලේ හා සමීපතයින් අදටත් දේශපාලනය කරනවා. ඔවුන්ට බලය ධන තියෙනවා. කිසිදු දඩුවමක් වගවීමක් හෝ පසුතැවීමක් නෑ.
හුණ්ඩුවෙන් එළියට එන්න
විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක්
රටක ආර්ථිකය හදන්න හුණ්ඩු විදියට බලලා බෑ. දැන් ලෝකේ තියන තත්ත්වෙ අනුව අපි ඉතා විශාල අන්දමින් දේවල් දිහා බලන්න ඔනේ. ජනාධිපතිතුමාත් කියන්නේ ඒ කාරණය. එතුමාට ඒ පිළිබදව යම් දැක්මක් සහ කියවීමක් තියනවා. අපි කැමති ආණ්ඩුවේ මැති ඇමතිවරු, නිලධාරී හා බලදාරිනුත් ජනාධිපතිතුමා දකින විදියට හුණ්ඩුවෙන් එළියට ඇවිල්ලා ලෝකය දිහා බලනව නම්. පසුගාමී සංවෘත රේඛීය චින්තනවලට රටවල් හදන්න බෑ මිත්‍රවරුනේ. ඒකට විවෘත වඩා පළල් ගැඹුරු දැක්මක් සහ චින්තනයක් අවශ්‍යයි. ඒක ජනාධිපතිට පමණක් තිබිලත් මදි. රටේ මිනිස්සුන්ටත් දූපත් මානසිකත්වෙයන් මිදෙන්න බැරි නම් කවදාවත් එහෙම රටක් ගොඩ යන්නෑ. හුණ්ඩු මානසිකත්වයෙන් මිදෙමු ලෝකයට විවෘත වෙමු !තරග කරමු !ගැට ගැහෙමු ! ජය ගමු !. ඒකට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ කඩිනමින් කරමු.
අනුර ජනපති නොව රාවණා පැමිණිය ද...
ආසියාවේ ආශ්චර්යය
අපි හැමදාම කියකවා අපේ බලශක්ති ක්ෂේත්‍රයට දැවැන්ත ප්‍රතිසංස්කරණ ආයෝජන අවශ්‍යයි. හුණ්ඩුවාදීන්: තමන්ගේ තැන නැතිවෙයි, තමන්ගෙ පංගු අහිමිවෙයි කියලා මේ වැඩ කරන්න දෙන්නෑ. හැම තැනින්ම හිර කරනවා; පරක්කු කරනවා. දේශපාලන වුවමනාව තිබ්බට මදි; ඒකට නිලධාරින් ගේ සහයෝගය නැත්තම් කවදාවත් ඒ වෙනස්කම් සිදුකරන්න බෑ .
මේ රාජ්‍ය ආයතනවල පවතින ඒකාධිපති අධිපතිවාදී නිලධාරීවාදය කඩනකම් අනුර ජනපති නෙමේ රාවණා ආවත් ජනතාව පෝලිම්වල, මහපාරේ නැති නම් කළුවරේ. රටේ බලශක්තිය පිළිබඳ මීට වඩා ගැඹුරින් අපි හිතන්න ඔනේ. මාස කිහිපයකට අවශ්‍ය බොර තෙල් ගබඩාකරගන්න බැරිනම්, අඛණ් විදුලි සැපයුම සාධාරණ මිලකට දීමට අසමත් නම්, පොඩි වෙළදපළ වෙනස්කමකින් ගෑස් පෝලිම් ඇති වෙනව නම්... ඇත්තට ම රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ අර්බුදයක් නැද්ද? අපි මේ ගෙවා දමන්නේ මෑත ඉතිහාසයේ ඉතා අස්ථාවරම කාලවකවානුවක්. මේ වගේ සැපයුම් කඩාකප්පල් වීම් යුදමය තත්ත්ව, ස්වාභාවික විපත් බහුල කාලයක් මේක. ඒක නිසා අපිට තෝරාගැනීම සහ විකල්ප අපි වහ වහා හදාගන්න ඔනේ. ආණ්ඩුවකට ඒක තනියම කරන්න බෑ; කළ යුතුත් නෑ. මේක විවෘත කළ යුතුයි. නමුත් අවශ්‍ය නියාමනය තබාගෙන. එහෙම නොවුනොත් අනිවාර්ය බිඳවැටීම් සහ ඒකාධිකාර ඇතිවෙනවා .
හන්දියක් හන්දියක් පාසා සීනි කඩ
ඇත්තටම රජයක කාර්යභාර්යය පෞද්ගලික අංශයට අත තියන්න බැරි, එහෙම හිතන්නවත් බැරි දේවල් කර එක. එහෙම නැතුව හන්දිගානේ සීනි කඩ දාන එකවත්, පාඩුවට Airplane business එක්ක දුවන එකවත් නෙමේ. ප්‍රතිපත්ති, නීති, නියාමනය සහ අවශ්‍ය නම් අත්‍යාවශ්‍ය කාරණයක දි සේවා සැපයීම කල යුතු යි. ඒක තමා රජයේ කාර්යයභාර්ය. ජන ජීවිතය බාධාවකින් තොරව පවත්වා ගැනීමත්, ජාතික ආරක්ෂාව සහ ආර්ථිකය ස්ථාවර තියාගනිමින් අනාගතයට අවශ්‍ය දිගුකාලීන ආයෝජන, සැලසුම්, ප්‍රතිපත්ති සහ යටිතල ව්‍යුහ ක්‍රියාත්මක කීරීමත් කළ යුතුයි . නිතරම වෙළදපළට සහ පෞද්ගලික අංශයට වඩා ඉදිරියෙන් දේවල් දකින්න ඔනේ; ක්‍රියාත්මක කරන්න ඔනේ. නැතිනම් කොහොම ද දැක්මක් සහ දියුණුවක් කරා යන්නේ.
හුණ්ඩුවාදින්නට බම්බුගහගන්න කියලා කළයුතු ප්‍රතිසංස්කරණ වහ වහා ක්‍රියාත්මක කරමු; ලොකුවට හිතමු; පළල්ව දකිමු.

වචන Janath perera

