මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන මුදල් ව්‍යාජ සමාගම් හරහා බැංකුවල තැන්පත් කර විදේශ රටවලට ප්‍රේෂණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බැංකු නිලධාරීන් ඇතුළු සැකකරුවන් පස් දෙනා 17දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මිලියන 7.8 ක මුදලක් භාවිතා කරමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ යන අයගේ උපදෙස් මත ඌව පළාත් සභා මැතිවරණය සඳහා රජයේ මුදල් භාවිතා කරමින් ටී ෂර්ට් මුද්‍රණය කළ සිද්ධියට අදාළව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු කළමණාකරණ අධ්‍යක්ෂ රූහි ජවුෆර් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ අද (03) රහස් ප්‍රකාශයක් ලබා දුන්නේ ය.
මේ වන විට දිවයිනේ විවිධ මැති ඇතිවරු, පාතාල නායකයින් යනා දි බොහෝ පිරිසකට එරෙහි අල්ලස් හෝ දූෂණ චෝදනා නඩු කටයුතු මෙන් ම මත්ද්‍රව්‍ය සහ වෙනත් කූට ජාවාරම්වලට සම්බන්ධ දැවැන්ත ව්‍යාපාරිකයින්ට එරෙහිව ද පවත්නා නඩු විභාග වෙමින් පවතී.
පසුගිය සතියේ (2026.09.28 - 2026.10.02) මෙරට අධිකරණයේ ප්‍රධාන අවධානයට ලක්වූ නඩු තීන්දු, නියෝග සහ විමර්ශන ප්‍රගතීන් පිළිබඳ සංෂිප්ත විග්‍රහයක් මෙම විශේෂාංගය ඔස්සේ ඔබ වෙත ගෙන එයි.
ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘතියකට අදාළව ගෙවිය යුතුව තිබූ රුපියල් මිලියන 36 කට ආසන්න මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ හිටපු නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල් ගේ වැඩිමහල් පුත්‍රයා සම්බන්ධයෙන් වන නඩුව ඊයේ (03) සමථයකට පත් කෙරුණා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

